ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත පරිදි වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩිතරමක තද වැසි ද ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත්අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණ පසු ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]
අද මේ දක්වා ආසාදිතයින් 3812 ක් අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 416182ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය මේ වන විට තලෙයිබාන් වරු සිය යටතට ගෙන තිබෙනවා. බොහෝ අය නොදන්නා කාරණයක් තමයි මේ තලෙයිබාන් සංවිධානය හා තලෙයිබාන්වරු යනු කවුරුන්ද ? ඔවුන්ගේ ආරම්භය ගැන.. ඒ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්ථානය ගැන කතා කරනකොටම කතා නොකරම බැරි රටක් තමයි ඇමෙරිකාව කියන්නෙත්.. අද කතාව මේ ගැනයි…
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා තිබෙන අතර ඒ අනුව, සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 353,191ක්.
නිරෝධායන ඇදිරි නිතිය තවත් සතියකින් දීර්ඝ කර තිබෙන අතර දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
එළැඹෙන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසන අතරශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රීස් මාර්කෙලෝ මහතා ඊයේ (26) අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ […]
පවතින නිරෝධායන ඇදිරි නීතිය තව සතියකින් දීර්ඝ කිරීමට අද රැස් වූ කොවිඩ් මර්දන ජනපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. එම රැස්වීම අද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. ඒ අනුව සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි විය හැකි බවත් මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ විරින් විට රළු විය හැකි හෙයින් ඒ ප්‍රදේශ වල […]
නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් 136 දෙනෙකු නිදහස් කිරීමට පැහැරගත් තුවක්කුකරුවන් පියවර ගෙන තිබෙනවා. තුවක්කුකරුවන්භාරයේ සිටියදී ළමුන් 06 දෙනෙකු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.. කප්පම් ලබාගැනීමේ අරමුණෙන් මෙම ළමුන් ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබුණා.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන තිබෙනවා
ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගුණවර්ධන මහතා සදහන් කලේ අද දිනයේ කොරෝනා මර්දන ජනපති කාර්ය සාධක බලකාය රැස් වී එහිදී එම තීරණය ගැනීමට බලාපොරොත්තු වන බවයි.