News Line| Off Air
Generic placeholder image

Aug
30

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
30

ටියුඩර් ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍වරයෙකු සහ පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ටියුඩර් ගුණසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්. මිය යන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසුවූවා.


Aug
30

ඉතාලියට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම අද සිට ලිහිල් කෙරේ

Generic placeholder image

ඉතාලියට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම අද සිට ලිහිල් කර තිබෙනවා. ඒ අනුව අද සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ඉතාලියට ඇතුළුවීමට අවසර ලබා දී තිබෙනවා.


Aug
30

දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් වුණා. දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර මීටර 67යි දශම 7යි 9ක ලෝක වාර්තාවක් පිහිටුවමින් ඔහු ඒ,අ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.


Aug
30

සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම අද සිට ඇරඹේ

Generic placeholder image

සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම අද සිට ආරම්හ කර තිබෙනවා. ලබන බදාදා සිට සතොස සහ සමුපාකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම මේ අනුව සිදු කෙරෙන බවයි අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කලේ.


Aug
30

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ඇරඹේ

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මුම්බායි, චෙන්නායි, බැංගලොර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වන අතර හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් ගුවන්ගමන් සිදුකෙරෙන බව වාර්තා වන්නේ.


Aug
29

ආසාදිතයින් 2,204ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,204 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 357,598ක්.


Aug
29

අද මේ දක්වා ආසාදිතයින් 3,698ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,698 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 425,255ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
29

සංචරණ සීමා කඩකළ 718ක් අත්අඩංගුවට

Generic placeholder image

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
29

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

Generic placeholder image

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘත කර තිබෙනවා. ඒ තොග වෙළදාම සදහායි.. කෙසේ වෙතත් අද දිනයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.


Aug
29

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Aug
29

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත පරිදි වේ.


News Articles
Latest Videos
Most Popular Post