News Line| Off Air
Generic placeholder image

Aug
15

තවත් නගරයක වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කෙරේ

Generic placeholder image

තවත් නගරයක වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට මරදගහමුල සියලු වෙළෙඳසැල් වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය තීරණය කර තිබෙනවා.


Aug
15

අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන මෙන්න

Generic placeholder image

අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන පහතින්,


Aug
15

පළාත් අතර සංචරණ සීමා කඩ කළ පුද්ගලයින් 582ක්

Generic placeholder image

පනවා ඇති පළාත් සංචරණ සීමා කඩ කිරීමට උත්සහ කල පුද්ගලයින් 582ක් ආපසු හරවා යැවූ බව පොලීසිය සදහන් කරනවා. ඊයේ දිනයේදී පුද්ගලයින් 108 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිරෝධායන රිති කඩ කිරීම හේතුවෙන්.


Aug
15

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි

Generic placeholder image

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Aug
15

අද මේ දක්වා ආසාදිතයින් 2,576ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,576 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 354,109 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
13

සල්ලි හම්බ කරන “ඒක් බාර්”

Generic placeholder image

මිනිස්සුන්ට මොන දේ කිව්වත් මිනිස්සුට ඇහෙන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි, මිනිස්සුන්ට මොනවා දෙන්න හැදුවත් මිනිස්සු ගන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි. මේ ඒ ගැන කියවෙන ලස්සන කතාවක්.


Aug
13

පළාත් අතර සංචරණය සපුරා තහනම් කෙරේ

Generic placeholder image

පළාත් අතර සංචරණය සපුරා තහනම් කර තිබෙනවා.


Aug
13

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක්

Generic placeholder image

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා […]


Aug
13

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 3, 039 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින් වාර්තා වී තිබෙනවා. එම ගණන 591ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 455 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 437 ක් හදුනා ගෙන තිබෙනවා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,


Aug
13

රට සම්පුර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ – අමාත්‍ය චන්න ජයසුමන

Generic placeholder image

රට සම්පුර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටිනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ මේ පිලිබදව වැඩි විස්තර යුධ හමුදාපතිවරයා විසින් මාධ්‍ය වෙත සවස් වරුවේ දැනුම් දෙනු ඇති බවයි.


Aug
13

ප්‍රධාන නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන නගර 3ක සියලු වෙළඳසැල් වසාදැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මාතලේ නගරයේ වෙළෙඳසැල් සතියක කාලයක් සඳහා වසා දැමෙන අතර සේරුනුවර නගරයේ ද ඌව පරණගම ලූණුවත්ත නගරයේ මෙලෙස වෙළෙද සැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.


Aug
13

ජපානයේ මේ දක්වා හදුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ

Generic placeholder image

ජපානයේ මේ දක්වා හදුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් ගණන 17,196 ක්. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් දැඩි සීමා පැනවීමටත් බලධාරීන් ක්‍රියා කර තිබෙනවා. මේ වන විට ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් ගණන විසි කෝවි හැට එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post