එන්නත් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාගැනීමට අවස්ථාව හිමිවන බව රජය පවසනවා. ඒ අනුව දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් මේ වන විට කිසිදු එන්නතක් ලබාගෙන නොමැති අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් ලබාගත හැකි බවයි පැවසෙන්නේ.
රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් කැදවීමට හා එමෙන්ම එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.
අද මැදියම් රැයේ සිට බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකු වන අතර උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 […]
බදුල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව සිටි පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. අදාල පාසල් ගුරුවරිය ඊයේ දිනයේ රෝහල් ගත කර තිබෙන අතර ඇය රෝහල්ගත කරන විටත් අසාද්‍ය තත්වයේ පසු වූ බවයි පැවසෙන්නේ. 49 හැවිරිදි එම ගුරුවරිය බදුල්ල යාම්පානම් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තිබෙනවා.
සංකූලතා නොමැති, අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින් ලබන සඳුදා සිට නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඊයේ මෙරටින් ආසාදිතයින් 2,674 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 446ක්. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 321,429 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර වාර්තා වන මරණ ගණන 4,821 ක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න එංගලන්තය බලා පිටත්වයෑමට නියමිතව තිබෙනවා. ඒ එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි.
ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා. ඉකුත් මාස 07 තුල නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා වෙළෙදපොලේ ගෑස් සිලින්ඩර හිගයකින් තොරව පවත්වා ගෙන යෑම සදහා මෙලෙස නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිතව තිබෙනවා. පවතින රෝහල් ධාරිතාව ඉක්මවා යෑම පිලිබදව මෙහිදී වැඩි දුරටත් කතිකා කරන බවයි වාර්තා වන්නේ.
අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අද (06) දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද උදෑසන මෙරටට ගෙනවිත් තිබෙනවා.
ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. ඒ වෙළෙඳසැළක් අසල ගෝනියක් තුළ තිබියදී. මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බවයි ඇයගේ අතුරුදහන් වීම පිලිබදව සිදු කරන ලද පැමිණිල්ලේ සදහන් වන්නේ. කෙසේ වෙතත් අදාල කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර ත්‍රීරෝද රථයේ […]