News Line| Off Air
Generic placeholder image

Aug
5

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) […]


Aug
4

ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා යයි

Generic placeholder image

ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකි බවයි පැවසෙන්නේ.


Aug
4

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් 42ක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු (42) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සැකකරුවන් අතර පිරිමි 26 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද […]


Aug
4

1,754ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 284,524ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
4

ඊයේ ආසාදිතයින් 2,450ක්

Generic placeholder image

ඊයේ ආසාදිතයින් 2,450ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 311ක්.කොළඹින් 293ක් සහ කළුතර දිස්ත්‍රික්යෙන් ආසාදිතයින් 223ක් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 316,194 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
4

MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගැනේ

Generic placeholder image

MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගැනීමකට ලක් කර තිබෙනවා. පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී අදාල නෞකාව පැහැර ගැනීමකට ලක් කර තිබෙන අතර ඉරාන හමුදා විසින් මෙම පැහැරගැනීම සිදු කරන්නට ඇති බවටටී සැක පල කරන්නේ. කෙසේ වෙතත් ඉරානය අදාල පැහැරගැනීම පිලිබදව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. පැහැර […]


Aug
4

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 200 පනියි

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ලොව පුරා රටවලින් නව කොරෝනා ආසාදිතයන් 5 97,114ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව ගෝලීයව වාර්තා වන කොවිඩ් ආසාදතයින් සංඛ්‍යාව 200,301,683 ලෙස ඉහල ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.


Aug
4

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගැබට පැමිණි තිබෙනවා.


Aug
4

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක්

Generic placeholder image

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකුගේ නිවසේ රාජකාරි සිදු කිරීමට ගිය අවස්ථාවේදී. කෙසේ වෙතත් අදාල කෙළ ප්‍රහාරය එල්ල කල 48 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
4

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ සේවකයින්ට එරෙහිව අද සිට දැඩි නීතිය

Generic placeholder image

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ සේවකයින්ට එරෙහිව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව ආසනගත මගීන්ට වඩා වැඩි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.


Aug
4

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ විරෝධතාවට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Aug
4

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගනී

Generic placeholder image

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post