News Line| Off Air
Generic placeholder image

Jul
4

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරගය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒමෙරට වේලාවෙන් පස්වරු 3.30ට යි. පළමු එක්දින තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයගත් අතර තරගාවලියේ ජයග්‍රහණය මේ වනවිටත් එංගලන්තය හිමිකර ගෙන තිබෙනවා.


Jul
4

එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

Generic placeholder image

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන්.


Jul
4

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Jul
3

කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගනී

Generic placeholder image

පුත්තලම, මදුරන්කුලිය, විරුතෝඩෙයි ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරනු ලැබුවද තවමත් ගින්න සම්පුර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී තිබෙනවා.


Jul
3

තවත් කොවිඩ් මරණ 34ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එම මරණවලින් 13දෙනෙක් කාන්තාවන් වන අතර 21ක් දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඒ අනුව මෙරට තුළ මේ දක්වා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,191ක්.


Jul
2

අද දිනය තුළ මේ දක්වා ආසාදිතයින් 1,102ක්

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 262,074ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jul
2

කුකුළා කපලා වැට මුල්ලේ

Generic placeholder image

අපි හුගක් වේලාවට කරන්න පුරුදු වෙලා ඉන්නේ කවුරුහරි කලින් කරපු දෙයක්.. ලෝකය වෙනස් කරන්න ඕන කියල හැමෝම හිතනවා , හැමෝම ඒ ගැන කතා කරනවා. එත් හැමෝම පුරුදු වෙලා ඉන්නේ තව කවුරුහරි කරපු දෙයක් කරන්නයි.. මේ සමාජය හැදෙන්න ඕන හදන්න ඕන කවුද මේවට වගකියන්නේ ඕන කියන දේවල් වචනයෙන් අපි කිවුවට ඇත්තම අපි මේ වෙනුවෙන් මොනාද කරලා […]


Jul
2

ආසාදිතයින් 1,701ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස්තිබෙනවා.


Jul
2

ජූලි මාසය තුළ යළි විවෘත වන පාසල්

Generic placeholder image

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සදහන් කර ඇත්තේ අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Jul
2

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගත යුතු බවට මහජනයාට දැනුවත් කිරීමක්

Generic placeholder image

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගත යුතු බවට මහජනයාට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ පිලිබදව ඇතුලත් නිවේදනය පහතින්,


Jul
2

වයස 30ට වැඩි බස්නාහිර සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත

Generic placeholder image

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙන අතර ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, […]


Jul
2

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කෙරේ

Generic placeholder image

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post