පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් අඛන්ඩව පැවැත්වෙනවා. ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාව දැඩි පිඩාවට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වීම නිසා මෙම සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.
අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,659ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් රෝහලේ ඔක්සිජන් අවසන් වී තිබීම නිසා මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ වන විට ඉන්දුනීසියාවේ ද දෛනික ව වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා එරට රෝහල් වල ඉඩ කඩ සීමිත වී නිසා දැඩි […]
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙක් ඉවත් වී තිබෙනවා. මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකාබැලීමෙන් […]
අපට ඉකුත් දවසක අසන්නට ලැබුණා රජය සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ සූදානමක් ගැන..විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආනයනය නතර කරන එක ගැන.. ඒ ගැන කතාබහක් දැන් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. .මේ කතාව අද ඒ ගැනයි
කැස්පියන් මුහුදේ අසර්බයිජානයට ඔබ්බෙන් වූ තෙල් හා ගෑස් ප්‍රදේශයක් අසල විශාල පිපිරීමක් සිදුව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන අතර ඒ සදහා සහභගි වීමට නොහැකි අන්තර්ජාල පහසුකම් නොමැති දුරකතන නොමැති සිසු දරුවන් සදහා ඊ තක්සලාව මධ්‍යස්ථාන 1000 ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය අද සිට ක්‍රියාත්මක වනවා. ඒ සදහා වන ඩේටා පහසුකම් නොමිලේ ලබාදීම සිදු කෙරනවා. ඒ අනුව පාසල් තුල එම මධ්‍යස්ථාන […]
අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මහව සහ කුරුණෑගල යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ. බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රියදුරු නින්ද යෑම නිසා […]
සැත්කමක් සඳහා පසුගියදා රෝහල්ගත කෙරුණු අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිලිබදව වතිකානුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් මේ වන විට පසුවන බවයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ජූලි 19, 20 දින සිදු කරන බව අද පැවැති පක්ෂ රැස්වීමේදී තීරණය කර තිබෙනවා.