කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහා ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 268,111ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
කොළඹ – 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය අසලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමේ චෝදනා මතයි.
සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනා අද උදෑසන පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණුඅතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා. සෞඛ්‍ය නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට එරෙහිව පවරා තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරල තිබෙනවා. ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා මෙම නඩුව ජුරි සභාවක් නොමැතිව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා […]
ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වූ ජනප්‍රිය නළු දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතරඔහු මියයන විට වයස අවුරුදු 98 කි. ගංගා, ජමුනා, දේවදාස් යන ඇතුළු චිත්‍රපට රැසකට ඔහු සිය රංගනයෙන් දායක වී තිබෙන අතර ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන 08ක් දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා. ඉන්දියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු ලෙස ද […]
ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 201ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කර තිබෙනවා.
මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ලැබී තිබෙනවා. අදාල මුදල මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති අතර අදාළ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.
ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නත්කරණය ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. අදාල එන්නත් තොගයඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒ්මට පියවර ගෙන ගෙන තිබුණා.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත […]