News Line| Off Air| Games
Generic placeholder image

May
30

පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක්

Generic placeholder image

අද දින සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. […]


May
27

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.


May
25

අද මි.මී. 50ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. […]


May
24

ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

Generic placeholder image

අද (24) අඟහරුවාදා ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසන අතර අද දින ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


May
24

ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට

Generic placeholder image

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව සංශෝධනය කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. පළමු කිලෝමීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අද දහවල් 12 සිට එම ගාස්තු සංශෝදනය සිදුකිරීමට නියමිතයි.


May
24

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

ඊයේ (23) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අදාල නිවේදනයන් පහතින්,


May
24

සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනයක්

Generic placeholder image

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ […]


May
23

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං ඇතිවිය හැක.


May
18

පළාත් කිහිපයකට තරමක් තද වැසි

Generic placeholder image

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර […]


May
17

අද මි.මී. 100ට වැඩි තද වැසි

Generic placeholder image

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් […]


May
17

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Generic placeholder image

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතව ඇත. අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් රංජිත් සියඹලාපිටියගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිතයි.


May
15

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි […]


News Articles
Latest Videos
Most Popular Post