News Line| Off Air
Generic placeholder image

Oct
6

රාජස්ථාන් රෝයල්ස් පරදා මුම්බායි කණ්ඩායමට කඩුලු 08ක පහසු ජයක්

Generic placeholder image

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 90 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 2ක් අවසානයේ කඩුලු 02ක් […]


Oct
6

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක්

Generic placeholder image

තමන් සහ තම බිරිඳ වන නිරුපමා රාජපක්ෂ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා. මෙම චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෝ පත් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ.


Oct
6

යොහානි බලන්න ආ ජැකලින්

Generic placeholder image

ලොව පුරා දැන් කවුරුත් දන්න යොහානිව බලන්න ආ තවත් ජනප්‍රිය තරුවක් ගැනයි මේ කතාව.. JACQUELINE FERNANDZ කියන්නේ ඉතා සුරූපී නිළියක්..ඇයද මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණය කල ගීතයෙන් වඩාත් ජනප්‍රියතාවයට පත් වූ යොහානි ද සිල්වා බැලීමට ගොස් තිබෙනවා. එහිදී යොහානි සමග ගත් ජායාරුප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.


Oct
6

පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන්නැයි ජනපතිගෙන් අල්ලස් කොමිසමට උපදෙස්

Generic placeholder image

පැන්ඩෝරා පත්‍රිකා සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුලත වාර්තාවක් ලබා දෙන්නැයි , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.


Oct
6

අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලි ඉතිහාසයේ සුවිශේෂී මතක සටහන්

Generic placeholder image

අයිසීසී ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය කියන්නේ අපි කවුරුත් ඉතා උද්යෝගයෙන් යුතුව නරඹන තරගාවලියක්.. මෙම තරගාවලිය පැවැත්වෙන තුරු ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින්නා වූ ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මෙවරද ඉතා ඕනෑකමින් මෙම තරගවලිය ආරම්භ දෙස බලා සිටියි. මෙවර අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය නිල විකාශන අනුග්‍රහය සියත අප නාලිකාවට හිමි ව තිබෙන අතර උද්යෝගිමත් ක්‍රීඩා ලෝලී […]


Oct
6

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..


Oct
6

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Generic placeholder image

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ‘EVER ACE’ නෞකාව කොළඹ වරයට පිවිසි ප්‍රථම ගමනද මෙය වෙනවා. මෙම විශාල බහලුම් නෞකාවට ගමන් කල හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණකි.


Oct
6

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක්

Generic placeholder image

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Oct
6

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

Generic placeholder image

සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල පිලිබදව අවසන් තීරණයක් ගැනීමට විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. එහිදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන බවයි පැවසෙන්නේ. හෙට පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Oct
6

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග […]


Oct
5

කම්කරු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

කම්කරු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post