බස්නාහිර පළාත තුළ මේ දක්වා එන්නත් ලබාගෙන නොමැති වයස්ගත පුද්ගලයින්ට හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් ට එන්නත් ලබා ගැනීම සදහා ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව සදහන් කරනවා. යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ වැඩ සටහන සදහා යෙදවීමට පියවර ගෙන තිබෙන අතර 011 -2 860 002 හෝ 1906 […]
නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් හෘදයාබාධයකට ලක්වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු සිඩ්නි නගරයේ රෝහලක සැත්කමකට භාජනය කර ඇති බවයි පැවසෙන්නේ.
අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,244 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන ඉතිහාසයේ අහන්නට ලැබෙන්නේ ම බොහෝ විට අයහපත් දේවල්මයි.. නමුත් මේ කියන්නේ ඊට වෙනස් කතාවක්..
දුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ, “මින් ඉදිරියට දුම්රිය ස්ථානයට පැමිණෙන විට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව, ගමන් කිරීමට අවසර ලත් අය සඳහා පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන අතර, ඒ […]
පළාත් අතර බස් රථ ධාවනය සිමා කර තිබෙනවා. පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය ද පළාත තුලද සියයට 40 ක් දක්වා අඩු කර ඇති අතර ලංගම බස් සේවා ද පළාත් අතර ධාවනය අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් සිමා කර තිබෙනවා.
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරනවා. ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සදහා රු 6,500ක් සහ ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිමව ව රු 2,000ක මුදලක් අය කල හැකි බවත් ඊට අදාල ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම බවට TikTok යෙදවුම පත්ව තිබෙනවා. ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා. එම සමීක්ෂණ වාර්තාවේ දෙවන තැන ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම බවට පත් වී තිබෙනවා.
පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ සදහා සොයා බැලීමට රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍යඅංශ සදහන් කරනවා. 1390 මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරුන් දින 14 දක්වා ආසාදිතයින් නිරීක්ෂණය ට ලක් කරනු ලබයි.
ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කර තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරනවා. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්. ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වාත් අගෝස්තු 18 වන දින පළමු […]
බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ආරම්භ කෙරෙනවා. මේ අනුව අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින්,