දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන […]
අද දිනයේත් දුම්රිය ගමන්වාර අවලංගු වීම සහ ප්‍රමාදය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ සම්බන්දයෙන් දුම්රිය පරිපාලනය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි. වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ රජයේ තීරණයත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය දුම්රිය දෙපාර්තමේන්තුව තුළ හට ගත්තා.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවය.
අද (03) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.
පාසල් සිසුන් ඇතුළත් කරගැනීමට නව ක්‍රමවේදයක්
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතන බව දන්වා තිබේ. දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන […]
මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
පාපන්දු පුරවෘත්තය වන පේලේගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ඒ නොක්‍රෝපෝල්හිදීයි.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද (02) ආරම්භ වනවා.
2022 දෙසැම්බර් 31 වනදා වන විට රාජ්‍ය සේවයේ සිටින 30,000කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යන බවද, නමුත් රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ අද (28) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි. මෙලෙස දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යන පිරිසෙහි ආරක්ෂක […]
ලෝක ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් පිළිබඳව නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලොව ජනතාව වැඩිපුරම ජීවත් වීමට කැමති රටවල් ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට කැනඩාව සමත් වී තිබෙනවා. බලශක්තිය, ආහාර සහ ඛනිජ වර්ග රැසක සැලකිය යුතු ප්‍රධාන පෙළේ අපනයනකරුවෙකු ලෙස කැනඩාව ප්‍රමුඛ පෙළේ රටක්. මෙම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය හිමිව ඇත්තේ […]