ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය […]
හදිසි අවශ්‍යතාවය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමට රජය ප්‍රතිපත්තිමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. නමුත් එම පෞද්ගලික විදුලි නිෂ්පාදකයින් වසර තුනක අඛණ්ඩ කොන්ත්‍රාත් කාලයක් ඉල්ලා තිබෙනවා. ඊට රජය එකඟ නැති බවයි අද පැවැති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේ. මේ අතර ඉන්දියන් තෙල් සමාගමෙන් ඩීසල් මිලදී ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙවර පළමු වාරය සඳහා වූ පාසල් නිවාඩුව එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 වැනිදා තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ 2022 පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාල සීමාව ආවරණය වන පරිදි පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර […]
නොරච්චෝලේ බලාගාරයේ පසුගිය දා අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ. යන්ත්‍රයෙහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වූ බවත් ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව යන බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද සිටින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි. මේ වනවිට දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් තිබේ.
ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. […]
බොහෝ දෙනා බලාපොරොත්තු වූ නොරොච්චෝලේ අද යළි සක්‍රීය වුණා. මෙගා වොට් 300 ක ධාරිතාවයෙන් මෙගා වොට් 160 ක ප්‍රමාණයක් අද ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා. ඉතිරි මෙගා වොට් ප්‍රමාණය ද ඉදිරි දිනවල ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. නොරොච්චෝලෙන් මෙගා වොට් 160 ක් ලැබුණ ද විදුලි කප්පාදුව පිළිබඳව අද දින යළි සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම […]
මේ දිනවල බොහෝ ප්‍රදේශවලින් ජලය සම්බන්ධ අනතුරු වාර්තා විය. එසේම විවිධ මාධ්‍ය ආයතන මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දියේ ගිලීම් සම්බන්ධ අනතුරු පිළිබද විමසීම ද සිදුකර ඇත. ජනතාව මේ සම්බන්ධයන් දැනුවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් පසුගිය දින කිහිපයේ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් වයස අවුරුදු 18 ත් 25 ත් අතර යෞවන වියේ […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, ඉදිරියේදී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
ජනවාරි මාසයේ ගෙවුණු දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6923ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරනවා. ඒ අනුව සියලු දෙනාම එක්ව ඩෙංගු රෝග ව්‍යාප්තිය වළක්වාලීමට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.