News Line| Off Air
Generic placeholder image

Jan
12

ආසාදිතයින් 159ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ගත් 159 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,519ක් දක්වා ඉහළගොස් ඇත.


Jan
12

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කරයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් මිලියනය පසු කර තිබෙනවා. මින් අඩකට වඩා ප්‍රමාණයක් පසුගිය සතියේ හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය සෙනසුරාදා දිනය තුළ පමණක් පළමු වරට ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තවල නැවත කොවිඩ් සීමා හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. එසේ ම රෝහල්වල හදිස්සි […]


Jan
12

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුවල ආරම්භය අද – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

Generic placeholder image

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද (12) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වනේ ආරම්භ වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව එම ඉදිකිරීම්වලින් පසු කොළඹ වරාය ලොව හොඳම වරාය 05 අතරට ගෙන ඒමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.


Jan
12

ආසාදිතයින් 623ක්

Generic placeholder image

ඊයේ (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 623ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 593,072ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
11

ලොව ප්‍රථම වරට අමෙරිකාව සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

Generic placeholder image

ලොව ප්‍රථම වතාවට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. ඒ අනුව සූකරයෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වනවා. මෙම ශල්‍යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සාර්ථකව ශල්‍යකර්මය නිමකර දින 3කට පසුව ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අදාළ […]


Jan
11

අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

අමාත්‍යංශ 10 ක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සංශෝධනයට අනුව ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යංශය අහෝසි කර තිබීම විශේෂත්වයක්. අග්‍රාමාත්‍යවරයාගේ බලය තවදුරටත් පුළුල් කරමින් මුදල් අමාත්‍යංශය සතු ආයතන 10 ක් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා. විමල් වීරවංශ මහතා […]


Jan
11

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ

Generic placeholder image

කොවිඩ් එන්නත ගත් බවට අදාළ සහතික පෙන්වීමට අපොහොසත් වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියාව උත්සහ කළා. එහෙත් ඊයේ(10) එරට ෆෙඩරල් අධිකරණය නොවැක් ජෙකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නා.


Jan
11

ආසාදිතයින් 461ක්

Generic placeholder image

ඊයේ (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 05 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 592,128ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
11

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් […]


Jan
9

රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැයෙන් සමුගනී

Generic placeholder image

රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 66 වන වියේ පසු වුණා.


Jan
9

ආසාදිතයින් 580ක්

Generic placeholder image

ඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 580ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 591,231ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
9

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Generic placeholder image

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම නිසා ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. බස්නාහිර […]


News Articles
Latest Videos
Most Popular Post