දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වී ඇත. දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී. නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට […]
කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමඟ කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රාන්තයට පැමිණෙන සියලුම සංචාරකයින් දින තුනක් හෝ පහක් ඇතුළත කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය වනවා.
සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ චීනයේත් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වී ඇත්තේ චීනයේ ටියැන්ජින් නගරයට පැමිණි සංචාරකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එම පුද්ගලයාගේ තත්ත්වය අසාද්‍ය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාස කිහිපයක සිට ගෑස් ආශ්‍රිත පිපිරිමි සහ ගිනි ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සමඟ රජය තීරණය කලේ මෙරටට පැමිණෙන ගෑස්වල සංයුතිය පරික්ෂාවටයි. ඒ අනුව ගෑස් රැගෙන පසුගියදා මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය රජය පරීක්ෂා කළා. එම ගෑස්වල ද ගඳ සුවඳ හඳුනා ගැනීමේ එතිල් මර්කැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස අඩංගු නොවන බවට මේ […]
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රජය සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සදහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගි මාර්ගය භාවිතා කළ හැකි බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට ආරම්භ කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තම ගැටළු සඳහා විසඳුම් ලබා දෙන්නේ නැතිනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් […]
රජයෙන් ලබා දීපු දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනඛයින් පවා ආහාරයට ගන්නා අයුරු ද දක්නට ලැබුණා. මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍යය නිශ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද පවසන්නේ. දඹුල්ල අප වාර්තාකරු සිදු කළ ගවේෂණයකදී අනාවරණය වුණේ ඇතැම් කාබනික පොහොර මත්ස්‍ය කොටස් යොදා සකස් කරන බවටයි. රජය […]
2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන ඇත. මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්‍රායලයේ දී 70 වන වරට පැවැත්වුණි. එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබේ.
වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට බුස්ටර් එන්නත ලබා දීම අද ඇරඹුණා. දෙවන එන්නත ලබා ගෙන මාස 3ක් ගිය පසු බූස්ටර් එන්නත ලබා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ.
විදුලිබල සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.
තවත් කොරෝනා ආසාදිතයන් 748 දෙනෙක් ඊයේ (07) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව, මෙරට දී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 569,171කි.