අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර ඇත.
ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන ඇත.
යුක්රේන රුසියා යුධ ගැටුමට අදට දින 232 යි. රුසියානු හමුදා යුක්රේනයට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළහොත් රුසියාව විනාශ කරන බව යුරෝපා සංගමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝසප් බොරෙල් පවසනවා. ඔහු පවසන්නේ එසේ වුවහොත් රුසියානු හමුදා සමුලඝාතනය වනු ඇති බවයි. යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම රුසියාවට දරුණු ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි නේටෝ මහලේකම් ජේනස් ස්ටෝල්ටන්බර්ග් පවසනවා. එසේම […]
ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. “එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 75 වන නිදහස් දින […]
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනිමට සමත් වුණා.
ගෝල්ෆේස් පිටියේ ඊයේ පැවති අරගල සැමරුම අවස්ථාවේ අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත් බව කියන පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේම ඇප මත මුදා හැර තිබෙනවා. මේ අතර උද්ඝෝෂණ වලට තම දරුවන් සහභාගී කරවා ගැනීමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ඉල්ලීමක් කරනවා. අරගලය අතරතුර රෝහල් ගත කරන […]
යුක්රේන ජනාධිපති සෙලන්ස්ටි ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය අමතා තිබෙනවා. ලෝවි ආයතනය යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම චින්තන මධ්‍යස්ථානයයි. මෙහිදී සෙලන්ස්කි පවසා ඇත්තේ යුක්රේනය සම්බන්ධයෙන් ලෝක ප්‍රතිචාරය දුර්වල නම් රුසියාව තවත් ඉදිරි පියවර සමඟින් ශක්තිමත් වනු ඇති බවයි. එම නිසා උපරිම ශක්තිය පෙන්වන ලෙස සෙලෙන්ස්කි වීඩියෝ සාකච්ඡාවේදී ඉල්ලා සිටියා. මෙය ලෝක යුද්ධයක් සඳහා කැඳවීමක් බවයි ක්‍රෙම්ලිනය චෝදනා කරන්නේ. රුසියානු […]
ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වාත් කිරි තේ එකක මිල රුපියල් 100 දක්වාත් අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව අද (සිට) විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය වනු ඇති.
මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් නිවේදනය කරයි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 7 වන මාසයයි. මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධානම මාතෘකාව වන්නේ නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ පද්ධතියේ කන්දුවයි. පසුගියදා බෝල්ටික් මුහුදේ ඇති නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ මාර්ගයේ ගෑස් කාන්දුවක් සිදුවුණා. රුසියාව පවසන්නේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි. රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා […]