News Line| Off Air
Generic placeholder image
News Line
Jun
4

චීන තර්ජනවලින් බේරීමට තායිවානයෙන් සන්නද්ධ රොබෝ සුනඛයන්

Generic placeholder image

චීන තර්ජන හමුවේ සිය සන්නද්ධ බළකායන් නවීකරණය කිරීමට තායිවානය දරන අඛණ්ඩ උත්සාහයේ පියවරක් ලෙස, මතභේදයට තුඩුදුන් දකුණු චීන මුහුදේ පිහිටි දූපත්වල ආරක්ෂාව සඳහා යොදාගත හැකි අතිනවීන රොබෝ මුර සුනඛයන් තිදෙනෙකු ප්‍රදර්ශනය කිරීමට එරට ප්‍රමුඛතම යුද අවි සංවර්ධන ආයතනයක් කටයුතු කර තිබෙනවා. ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය තාක්ෂණය කෙරෙහි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමුව ඇති පසුබිමක, ඇමෙරිකානු […]


Jun
4

තවත් වසර දෙකක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නිත්‍ය නොවන සාමාජික රටවල් පහක්

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නිත්‍ය නොවන සාමාජික රටවල් පහක් තේරී පත් ව තිබෙනවා. එලෙස ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජික රටවල් ලෙස පත් වූයේ ඔස්ට්‍රියාව, කිර්ගිස්තානය, පෘතුගාලය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මෙන්ම සිම්බාබ්වේ යන රටවලුයි. මෙම රටවල සාමාජික කාලය වලංගු වන්නේ වසර දෙකක් සඳහායි. ආරක්ෂක මණ්ඩලයට කිර්ගිස්තානය තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මින් පෙර […]



May
15

අපි එක ම ලෝකයක් බෙදා ගනිමින් සිටිමු

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය ආරම්භ වී ඇත. අමෙරිකානු ජනාධිපතිවරයෙකු අවුරුදු 09කට පසු චීනයට යන ප්‍රථම අවස්ථාව මෙයයි. ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රථම වතාවට ජනාධිපති වූ අවස්ථාවේදීත් එනම් 2017 වර්ෂයේදීත් චීනයේ සංචාරය කර ඇති අතර මෙය දෙවැනි අවස්ථාවයි. ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයකට අනුව චීන නිල සංචාරයට එක් ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව මහත් හරසරින් […]


Apr
30

කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

Generic placeholder image

හෙට දිනට (මැයි 01) යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සහ දිවයින පුරා සංවිධානය කර ඇති දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මැයි දින රැලි, පෙළපාලි සහ උත්සව සඳහා විශේෂ ආරක්ෂක මෙන්ම රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දී තිබෙනවා. මෙම සැමරුම් උත්සව සාමකාමීව පවත්වාගෙන යාමට සහ මහජනතාවට සිදුවන […]


Apr
29

පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මෙහෙවරට ජනාධිපතිවරයාගේ ප්‍රණාමය

Generic placeholder image

දින 07ක් පුරා මෙරට පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පාගමනේ සාර්ථක සමාප්තියෙන් පසු, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා. එහිදී එම වැඩසටහන සඳහා ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය, ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතියට ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ප්‍රදානය කිරීම සහ ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට අවසර දීම පිළිබඳව […]


Apr
28

රෙදි කැබලි මූට්ටු කළ සිවුරේ ගැඹුරු අර්ථය

Generic placeholder image

සාම පාගමන්වල නිරත වන භික්ෂූන් වහන්සේලා වඩින විට දක්නට ලැබෙන, කොටු හැඩැති මැහුම් සහිත සිවුර (පිට මණ්ඩල සිවුර) පිටුපස බුදුන් වහන්සේගේ කාලයේ සිට පැවත එන “සරල බව සහ අල්පේච්ඡතාව” පිළිබඳ ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබෙනවා. මගධයේ කුඹුරු යායක හැඩයට අනුව ආනන්ද හිමියන් නිර්මාණය කරන ලද මෙම රටාව, එදා සොහොන් පිටිවලින් අහුලාගත් රෙදි කැබලි (පාංශුකූල) එක්කර මැසූ […]


Apr
22

චීනය එක්ක සැඟවුණු යුද්ධය

Generic placeholder image

වර්තමාන ලෝකය පුරා විවිධ වර්ගයේ යුද්ධ ගණනාවක් දක්නට ඇත. විවිධ වර්ගයේ යුද්ධ යනුවෙන් හැදින් වූයේ ගැඹුරු අර්ථයක් සහිතව ය. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් බැලූ බැල්මට පේන යුද්ධ සහ සැඟවුණු යුද්ධ ද ඇති බව ඔබට පෙන්වා දීමටය. ආයුධ සන්නද්ධ ව කරන යුද්ධ සියල්ලන්ටම පැහැදිලිව පෙනේ. ඒවායේ ප්‍රතිවිපාකද අඩු වැඩි වශයෙන් ලෝකයම බුක්ති විදිමින් සිටී. අද අමෙරිකාව […]


Apr
9

2026 අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළට

Generic placeholder image

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ PublicFinance.lk වේදිකාව මගින් සිදුකළ විශ්ලේෂණයකට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී සාම්ප්‍රදායික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කැවිලි මේසයක පිරිවැය 7.0% කින් ඉහළ ගොස් ඇති අතර, එය ආර්ථික අර්බුදයට පෙර පැවති 2019 වසරට සාපේක්ෂව 2.5 ගුණයක දැවැන්ත වැඩිවීමක් ලෙසයි පෙන්වා දෙන්නේ. කැවිලි වර්ග අටක් පාදක කරගනිමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ […]


Apr
6

හඳට යන්නේ “කෙළින් පාරේ” නෙවෙයි

Generic placeholder image

Artemis II මෙහෙයුම පෘථිවියේ සිට සඳ වෙත සරල රේඛාවක ගමන් කරන ගමනක් නොව, ගුරුත්වාකර්ෂණ බලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ඉතා සංකීර්ණ ගමනක්. මෙහිදී යානය මුලින්ම පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක (High Earth Orbit) ගමන් කරමින් අවශ්‍ය වේගය ලබා ගන්නා අතර, පසුව සඳේ ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් ‘Slingshot’ ක්‍රමයට නැවත පෘථිවිය දෙසට හැරෙන “Free Return Trajectory” ක්‍රමය අනුගමනය කරනවා. […]


Mar
30

විදුලි ගාස්තු 10%ක මිල ඉහළ යාමක් – ඒකක අනුව වැඩි වන ප්‍රමාණයන් මෙන්න

Generic placeholder image

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි 2026 දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ඒකක පරිභෝජනය අනුව විවිධ ප්‍රතිශතයන්ගෙන් ගාස්තු ඉහළ දමා තිබෙනවා . ඒ අනුව, ඒකක 30 දක්වා වූ අවම පරිභෝජනය සහිත කාණ්ඩයට 4.3%ක (රු. 15ක) සහ ඒකක 31-60 දක්වා කාණ්ඩයට 6.9%ක […]


Mar
25

ලොවම රත්වෙයි – ශ්‍රී ලංකාවටත් එල්නිනෝ බලපෑමෙන් වියළි කාලගුණයක්

Generic placeholder image

2026 වසරේදී ද ගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතින අතර, විශේෂයෙන්ම දකුණු ආසියාව ඇතුළු නිවර්තන කලාපීය රටවල සැලකිය යුතු උණුසුම් තත්ත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. වර්තමාන දත්තවලට අනුව ලෝකය වේගයෙන් එල්නිනෝ (El Niño) තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින අතර, ජූනි – අගෝස්තු කාලය වන විට එය වර්ධනය වීමේ හැකියාව 80% දක්වා ඉතා ඉහළ අගයකයි […]


Mar
18

කලකිරුණු අමෙරිකානු ත්‍රස්ත මර්දන ප්‍රධානී ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ඉරානය සමඟ පවතින යුද්ධය ඊශ්‍රායලයේ සහ ඇතැම් ඇමරිකානු පාර්ශවයන්ගේ බලපෑම මත පදනම් විරහිතව ආරම්භ කළ එකක් බව පවසමින්, අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝශප් කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්ගේ ප්‍රධාන සහායකයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ, ඉරානයෙන් අමෙරිකාවට සෘජු තර්ජනයක් නොමැති පසුබිමක වැරදි තොරතුරු මත පදනම්ව සිදුකරන මෙම යුද්ධය […]


News Articles
Latest Videos
Most Popular Post