News Line| Off Air| Games
Generic placeholder image

Dec
2

පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙයි

529 Views


පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙයි

පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වටරැක සුනීත පාසලේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටියා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ නියෝග අනුව පරිවාස භාරයට පත්වූ සිසුන් 15 දෙනෙකු පිරිත් සජ්ඣායනාකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බව සදහන්.

මහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ සිසුන් උසස් ප්‍රතිඵල අපේක්ෂාවෙන් මෙලෙස විභාගයට පෙනී සිටි බව වටරැක එළිමහන් සිරිකඳවුරෙහි සහකාර බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතා ප්‍රකාශ කළා.

එම සිසුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවද සහකාර බන්ධනාගාර අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post