News Line| Off Air| Games
Generic placeholder image

Feb
5

සුරූපී නිළියන් පරදා පියුමි හංසමාලි ජැක්සන්ගේ බිරිඳ වෙයි. (Photo)

2334 Views


සුරූපී නිළියන් පරදා පියුමි හංසමාලි ජැක්සන්ගේ බිරිඳ වෙයි. (Photo)

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක පුවත් මවන චරිතයක්. නිරූපණ ශිල්පිණියක් වුණ පියුමි මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පහුගිය කාලයේ ඉරාජ්ගේ වීඩියෝ එකක රඟපෑව පියුමි ගැන රටේ ලොකු කතා බහක් අැති වුණා.

කොහොම වුනත් පියුමිට කොලිවුඩ් සිනමාවට එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. සති අන්ත පුවත්පතකට පියුමි අැයට මේ අවස්ථාව ලැබුණ හැටි කියලා තිබ්බා. විශේෂම කාරණාව තමයි පියුමි රඟපාන කොලිවුඩ් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් අැන්තනී මහතා.

මේ චිත්‍රපටියේ නිශ්පාදකවරිය වන බීනා උන්නික්‍රිෂ්ණන් පියුමිගේ Facebook යාලුවෙක්. Facebook එකේ පියුමිගේ ඡායාරූප දැකලා තමයි අැයව තෝරගෙන තියෙන්නේ. මාස 4 කට විතර කලින් තමයි පියුමිට චිත්‍රපටියට අාරාධනා කරලා තියෙන්නේ.

චිත්‍රපටියේ පියුමිට රඟපාන්න තියෙන්නේ වයසින් වැඩි සැමියෙක් එක්ක ජීවත් වෙන ලාබාල අහිංසක තරුණියකගේ චරිතයක්. එ් කියන්නේ ජැක්සන් අැන්තනීගේ බිරිඳ විදියට. ජැක්සනුයි, පියුමියි ජනවාරි 09 වෙනිදා ඉන්දියාවේ තිබ්බ මුහුරත් උළෙලටත් ගිහින් තියෙනවා.

ලංකාවම හොල්ලපු පියුමි ලඟදීම ඉන්දියාවත් හොල්ලයි වගේ. කොහොම වුනත් ලංකාවේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් වෙන්න කියලා අපි පියුමිට සුභ පතනවා


News Articles
Latest Videos
Most Popular Post