News Line| Off Air| Games
Generic placeholder image

Nov
22

හෙට පාසල් රැසක් විවෘත කෙරේ – ඒ සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් ද නිකුත් වෙයි

847 Views


හෙට පාසල් රැසක් විවෘත කෙරේ – ඒ සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් ද නිකුත් වෙයි

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල පාසල් හැරුණු කොට පාසල් 5,100කට ආසන්න සංඛ්‍යාවක් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා හෙට සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය උපදෙස් අනුව මේ වනවිට නිකුත්කර ඇති 15/2020 දරන චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ සංග්‍රහය පරිදි දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට අදාළ සියලු පාර්ශව සහාය කරගන්නා ලෙස උපදෙස් දී ඇති බවයි.

විශේෂයෙන් එහි සඳහන් ආකාරයට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව මූලික කරගනිමින් වඩාත් සුදුසු තීරණ ක්‍රියාවට නංවමින් පාසල් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා උපදෙස් දී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, පවතින වසංගත තත්ත්වය හමුවේ යළිත් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වුව ද එය දරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ මඟ හැරුණු අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බවයි.

ඒ හේතුවෙන් සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දැරීමට සියලු පාර්ශවවල සහාය අපේක්ෂා කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

එක් එක් පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පාදකකර ගනිමින් ඔවුන්ගේ සේඛ්‍යාරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබා දීමට තීරණයකර ඇති අතර ඒ සඳහා රුපියල් බිලියන 105.812ක් පාසල් වෙත ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මින් පෙර ප්‍රතිපාදන ලබා දීමට කටයුතුකර ඇති බව ද එම අමාත්‍යාංශය පැවසුවා.

සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 මූල්‍ය ප්‍රතිපාදන ද, 200ට අඩු පාසල් සඳහා රුපියල් 10,000 බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000 බැගින් ද මුදල් ප්‍රතිපාදන ප්‍රදානය කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා නිකුත් කළ චක්‍ර ලේඛය සහ උපදෙස් සංග්‍රහය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post