News Line| Off Air| Games
Generic placeholder image

Aug
29

බෞද්ධ කොඩි සාරියේ වරද නිවැරදි කරගත් හැටි.

4181 Views


බෞද්ධ කොඩි සාරියේ වරද නිවැරදි කරගත් හැටි.

“බෞද්ධ කොඩිය තියෙන සාරි ඇදන් පාරේ යන තරුණියන් 5 දෙනා” මේ වෙද්දී මුළු බුකියම ගිනි තියලා ඉවරයි. පෙරේදා පල්ලේකැලේදී ජාතියේ නම්බුව නැති කරගත්ත අපි මේ වෙද්දී ආගමටත් ගරහන ජාතියක් වෙලා කියලයි ඊයේ හැමෝම මේ Photo share කරේ. මේ ඡායාරුප දැක්ක ගමන් සියත 24 අපි හොයලා බැලුවේ මේ කොහේදී ගත්ත ඡායාරූපද කියලා. එතකොට තමයි අපිට දැනගන්න ලැබුනේ මේ දකුණු පළාතේ හැමෝම වගේ දන්න කියන, සීනිගම දේවාලේ පෙරහරේ ගමන් කළ තරුණියන් පිරිසක් කියලා. මේ පාර රාජ්‍ය අනුග්‍රහය ඇතුව සංවිධානය වුනු සීනිගම දේවාල පෙරහරේ බෞද්ධ කොඩිය සහිත සාරි ඇඳන් තරුණියන් පිරිසක් ඇවිද්දවන්න කටයුතු කරේ කවුද කියන එක හැමෝටම ප්‍රශ්ණයක් වුණා.

හැබැයි බොහෝම පිරිසිඳු චේතනාවෙන් පවත්වන සීනිගම පෙරහරේ මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා සියත 24 අපි හොයලා බැලුවා. එතකොටයි අපිට දැනගන්න ලැබුනේ මුලින්ම පෙරහරේ මේ තරුණියන් බෞද්ධ කොඩිය සහිත සාරි ඇඳන් ගිහින් තියෙන බව. හැබැයි ඒ අවස්ථාවේ බොහෝ දෙනා මේ සිද්ධියට විරෝධය පල කරපු නිසා ඊළගට සාරිය වෙනස් කර මේ තරුණියන් පෙරහරට එක් කරලා තියෙනවා. සංවිධායකයෝ කියලා තිබුනේ වැඩ අස්සේ මෙහෙම දෙයක් තිබුනා දැක්කේ නැහැ කියලයි.

මුල් අවස්ථාවේ තරුණියන් බෞද්ධ කොඩි සහිත සාරි ඇඳන් පෙරහරේ ගමන් කළ හැටි…

වරද නිවැරදි කරගෙන පෙරහරේ ගමන් කළ ආකාරය

 


News Articles
Latest Videos
Most Popular Post