News Line| Off Air| Games
Generic placeholder image

Jan
19

සේනා නුවරඑලියට

1647 Views


සේනා නුවරඑලියට

සේනා දළඹු විශේෂය නුවරඑලිය දිස්ති‍්‍රක්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා
එම දළඹුවන් සොයා ගෙන ඇත්තේ හැටන් රුවන්පුර ප‍්‍රදේශයෙන්
එම ප‍්‍රදේශයේ වගා කර තිබු බඩ ඉරිගු අස්වැන්න සේනා දළඹු විශේෂය ආක‍්‍රමණය කර තිබෙනවා
එම බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන් සහ බිත්තර ඇති බවට තහවුරු විමත් සමග වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ
සේනා දළඹු විශේෂය ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වීම හේතුවෙන් හැටන් නගර සභාව මීට පෙර දැනුම් දී තිබුනේ වෙනත් ප‍්‍රදේශ වලින් රැුගෙන එන බඩඉරිගු අලෙවි කිරිමට පෙර ඒ සදහා නගර සභාවෙන් අනුමැතියක් ලබාගත යුතු බවයි
පිටස්තර ව්‍යාපාරිකයින් එම ප‍්‍රදේශයට බඩඉරිගු ගෙනැවිත් අලෙවි කරනු ලබනවා
මේ වන විට අණාවරණය වී ඇත්තේ එම බඩ ඉරිගු හරහා සේනා දළඹුවන් නුවරඑළිය දිස්ත‍්‍රික්කයට ව්‍යාප්ත ව්‍යාප්ත වී ඇති බවයි
ඒ අනුව මේ වන විට සේනා දළඹුවා දිවයිනේ දිස්ත‍්‍රික්ක 25 න් 24 කම ව්‍යාප්ත වී තිබෙනවා
යාපනය දිස්ත‍්‍රික්කයේ වගාවට මෙතෙක් සේනා ආක‍්‍රමණය සිදුව නැහැ
සේනා දළඹුවන් මර්දනය කිරීම සදහා පසුගිය 16 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි සති දෙකක විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කලේ එහිදී දළඹුවන් මර්දනය සදහා වන විශේෂ උපක‍්‍රම පිළිබදව ගොවීන් දැනුවත් කරන බවයි
මෙතෙක් වියළි කලාපයට සීමා වී තිබූ මෙම උවදුර තෙත් කලාපයට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා
සේනා දළඹු විශේෂයේ වැඩිම ව්‍යාප්තියක් වාර්තා වන්නේ අනුරාධපුරය පොළොන්නරුව, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත‍්‍රික්කවලින්
දකුණු ඇමරිකාවෙන් බිහිවූ මෙම දළඹුවා ප‍්‍රථම වරට නයිජීරියාවේදී හමුවී ඇත්තේ 2016 වසරේදීයි
ගතවූ වසර 3 තුල මෙම සේනා දළඹු විශේෂ ඉන්දියාව ඇතුලූ රටවල් 44ක ව්‍යාප්ත වී තිබෙනවා
සේනා දළඹු විශේෂය ඉන්දියාවේ සිට මෙරටට සංක‍්‍රමණය වී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී යි


News Articles
Latest Videos
Most Popular Post