News Line| Off Air| Games
Generic placeholder image

Jan
19

හතුරුසිංහ සහ බංගලාදේශය අතර තරඟය අද. “අපි හතුරුට බය නෑ.” බංගලාදේශය කියයි.

432 Views


හතුරුසිංහ සහ බංගලාදේශය අතර තරඟය අද. “අපි හතුරුට බය නෑ.” බංගලාදේශය කියයි.

තුන්කොන් සටනේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි තරඟය අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී. ක්‍රිකට් ලෝකයම බලා ඉන්න අද තරඟය අැත්තට තියෙන්නේ බංගලාදේශය සහ හතුරුසිංහ අතර සටනක්.

මොකද හතුරු බංගලාදේශයෙන් ඉවත් වෙලා ලංකාවට අාවට පස්සේ දෙරට අතර පැවැත්වෙන පළවෙනි තරඟය. හතුරු ගිය නිසා තරහින් ඉන්න බංගලි ක්‍රීඩකයෝ හතුරුගේ පළිය ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් ගන්න බලන් ඉන්නේ. කණ්ඩායම් දෙකේ දක්ෂතාවය වගේම පුහුණුකරුගේ දක්ෂතාවයත් මනින තරඟයක් අද තියෙන්නේ.

බංගලාදේශ නායකයන් ඊයේ තිබ්බ මාධ්‍ය හමුවේදී හතුරුසිංහට කින්ඩියක් දැම්මා. ඔහු කිව්වේ “අපි හතුරුට බය නෑ. අපි ලංකාව අද පරාජය කරනවා” කියලා. එ් වගේම මාධ්‍ය හමුව පුරාම බංගලි ක්‍රීඩකයින් හතුරුට වචන වලින් පහර දෙනවා දැක ගන්න පුළුවන් වුණා.

අද තරඟයේදී ලංකාවේ ප්‍රධාන වෙනස්කමක් වෙනවා. එ් නායක අැන්ජලෝ මැතිව්ස් පළවෙනි තරඟයෙන් පස්සේ අාබාධයකට ලක්වුණා. එ් නිසා අද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ දිනේශ් චන්දිමාල්ට. පළවෙනි තරඟය ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට පැරදුණා. එ් නිසා චන්දිමාල්ට කණ්ඩායම දිනවීමේ ලොකු වගකීමක් පැවරිලා තියෙනවා.

අාබාධයට ලක්වුණ මැතිව්ස් වෙනුවට ධනංජය ද සිල්වා අද කණ්ඩායමට කැඳවන්න නියමිතයි. එ් වගේම වනිදු හසරංග වෙනුවට දික්වැල්ල කැදවීමේ සූදානමකුත් තියෙනවා.

කොහොම වුනත් අද තරඟයේ තීරණයක් ගැන කියන්න දැන්ම කල් වැඩී. එ් නිසා අපි බලමු ලංකාවේ ක්‍රීඩකයින් හතුරුගේ ගෞරවය අාරක්ෂා කර ගනීවිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post