News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රියම රේඩියෝව සියත FM, ජනප්‍රියම පුද්ගලයා අරවින්ද ලොකුගේ – EXCLUSIVE

12979 Views


සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රියම රේඩියෝව සියත FM, ජනප්‍රියම පුද්ගලයා අරවින්ද ලොකුගේ – EXCLUSIVE

2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙල අද සවස උත්සවාකාරයෙන් පැවැත්වුණා. ඒ කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාර පරිශ්‍රයේදී. මෙහිදී සම්මාන පිරිනැමුණේ සමාජ මාධ්‍ය සඳහා වන සම්මාන කාණ්ඩ 13ක් යටතේ. අද පැවති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේදී ජනප්‍රිය සම්මාන දෙකක් සියතට ගන්න සියත FM සමත් වුණා.

පසුගිය වසර එක හමාරක කාලය තිස්සේ සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණය දිනාගත් රේඩියෝ නාළිකාවට හිමි සම්මානය දිනාගන්නට සියත FM සමත් වුණා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය දිනාගත්තේ ලංකාවම දන්න සියතේ අරවින්ද ලොකුගේ. සති දෙකක පමණ කාලයක් පුරාවට සමාජ මාධ්‍ය දින වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වුණ මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමයකට මේ සම්මාන අපහට ලැබුණා. මේ සියලු සම්මාන සියතට ලැබුණේ අාදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ නිසයි. තවදුරටත් විශිෂ්ඨත්වයේ ඉහළටම සියත ඔසවා තැබූ ඔබට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post