News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ශ්‍රි ලංකා නිවුන් සංගමය ගිනස් වාර්තාවකට සැරසෙයි

862 Views


ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ශ්‍රි ලංකා නිවුන් සංගමය ගිනස් වාර්තාවකට සැරසෙයි

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංගමය සැලසුම් කර තිබෙනවා.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී ලබන සඳුදා එම හමුව පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගීවීමට කැමති ඕනෑම වයසක නිවුන් පුද්ගලයන් ප්‍රාදේශිය ලේකම් විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එදින පෙරවරු 10.00ට පෙර පැමිණිය යුතුයි.

අවුරදු 18ට අඩු නිවුන් තැනැත්තන් සහතික කළ උප්පැන්නයට අමතරව තම මව හෝ පියාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් රැගෙන පැමිණිය යුතු බව ශ්‍රි ලංකා නිවුන් සංගමය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post