සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද (22) යි. ඊයේ (21) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි.
ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් රැස් කර ගෙන සිටි අතර දෙවන කඩුල්ල සඳහා නායක දිමුත් කරුණාරත්න සමඟින් පිටියේ එක් වු කුසල් මෙන්ඩිස් ලකුණු 60ක සබඳතාවයක් ගොඩනැබු අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 37කට ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා.
කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වු අතර ලකුණු 80ක් රැස් කර ගෙන සිටියදී කුසල් මෙන්ඩිස් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙසයි.