News Line| Off Air| Games
Generic placeholder image

Jan
12

පාරේදී දඩ කොළ දීම නවතින ලකුණු.

854 Views


පාරේදී දඩ කොළ දීම නවතින ලකුණු.

ඔබත් රථවාහන එළවන කෙනෙක් නම් දඩ කොළයක් එක පාරක් හරි අනිවාර්යෙන්ම ලැබිලා අැති. පාරේ අයිනේ ඉඳන් ට්‍රැෆික් පොලීසියේ රාළහාමි කෙනෙක් පාරට පැනලා අත දාද්දී දඩයක් ෂූවර් තමයි කියලා දන්නවා.

සමහර වෙලාවට පොලීසියටත් කොකා පෙන්නලා නවත්තන්නේ නැතිව ලිස්සලා යන අයත් ඉන්නවා. හැබැයි එයාලටත් ඉස්සරහට වැඩ වරදිනවා. මීට පස්සෙ පොලීසිය දඩ කොළ දෙන්නේ අලුත්ම ක්‍රමයකට. කෙලින්ම වරදයි දඩ කොළයයි ගෙදරටම එවනවා.

පෙබරවාරි මාසයේ මුල ඉඳන් මේ වැඩේ අත්හදා බලනවා කියලයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අාමාත්‍ය සාගල රත්නායක මහතා කිව්වේ. “අපි මීට වඩා ඉදිරියට යනවා. දඩ කොළ නිකුත් කරන්න නූතන තාන්ෂණය භාවිතා කරන්න අපි වැඩ පිළිවෙලක් හදනවා. විශේෂයෙන්ම රථවාහන නීති උල්ලංඝණය කිරීමේදී තාක්ෂණය භාවිතා කරන්න අපි සැලසුම් කරමින් ඉන්නවා. වැරැද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරැද්ද මොකක්ද කියන එකත් එක්ක දඩ කොළය ගෙදරටම යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේදී අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට උසාවියට ගිහින් තර්ක කරන්න පුළුවන්.” කියලයි අැමතිතුමා කිව්වේ.

එ් වගේම දුෂ්කර ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන්ට දීමනාවක් ගෙවනවා කියලත් අැමතිවරයා කිව්වා. මේ තාක්ෂණය ලංකාවට අලුත් වුනාට පිටරටවල කාලයක ඉඳන් භාවිතා කරනවා. කොහොම වුනත් ඉතිං පොලීසියට වෙට්ටු දාලා ගියපු අයට මේ වැඩෙන් නම් ගැලවෙන්න බැරි වෙයි.


News Articles
Latest Videos
Most Popular Post