News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

ඇතෑන්ස් අගනුවර හෙල්ලෙයි

734 Views


ඇතෑන්ස් අගනුවර හෙල්ලෙයි

ග්‍රීසියේ ඇතෑන්ස් අගනගරයට ප්‍රබල භූකම්පනයක් බලපා තිබෙන බව වාර්තා වෙනවා.ඉන් අගනුවර විදුලි හා දුරකතන සම්බන්ධතා සියල්ලම පාහේ අවරහිර වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් වන්නේ.ඒ අනුව රිච්ටර් මාපකයේ ඒකක 5.1ක් ලෙසින් දැක්වුණු ප්‍රබල භූකම්පනයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනබවත් කම්පනයේ අපකේන්ද්‍රය අගනුවර සිට කිලෝ මීටර් 22ක් දුරින් පිහිටා තිබුණු අතර ඉන් ඇති වූ කම්පනය තත්ත්පර 15ක පමණ කාලයක් පුරාවට දැනුනු බවද සඳහන් වෙනවා.

මේ තත්වය හේතුවෙන් කම්පනයෙන් පසු අගනුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් කිහිපදෙනෙක් ද තුවාල ලබා තිබෙනවා.
මේ අතර භූකම්පනයේ බලපෑමෙන් වසර 170ක් පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.හදිසි විදුලි විසන්ධිවීමෙන් පසුව විදුලි සෝපාන වල සිරව සිටි පුද්ගලයින් රැසක් මුදාගැනීමට සිදුවූ බව විදෙස් වාර්තා සදහන් කර තිබුණි කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක බලපෑම ඇතෑන්ස් අගනුවර වෙත දැනී ඇති බවද සඳහන්ය.


News Articles
Latest Videos
Most Popular Post