News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

ජනපති නියමයෙන් නිළ ඇදුම් වවුචර් ක්‍රමය යලිත්.

1001 Views


ජනපති නියමයෙන් නිළ ඇදුම් වවුචර් ක්‍රමය  යලිත්.

තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මේ අනුව වවුචර් පත් 15 වැනිදායින් පසු පාසල්වලට ලබාදීමට නියමිතව තිබෙන බවද එම සංගමයේ සභාපති නිලුක්ෂ නන්දකුමාර මහතා සඳහන් කළා.

වවුචර් පත්වලට අදාළ නිල ඇඳුම් රෙදි කට්ටල 15 වැනිදා සිට නිකුත් කිරීමට බලයලත් සියලුම රෙදි අලෙවි සැල් කුඩා කර්මාන්ත හිමියන් තීන්දුවක් ගත් බවද ඔහු කියා සිටියා.

පසුගිය ආණ්ඩුවේ ඉල්ලීමට අනුව ලක්ෂ 43ක දරුදැරියන්ට ලබාදීමට නියමිතව තිබූ වවුචර් පතට රෙදි ලබාදීමට කුඩා කර්මාන්තකරුවන් මෙරටට රෙදි ගෙන්වා තිබූ බවද ඒ මහතා සඳහන් කළා.

එහෙත් පසුව එම තීරණය වෙනස් කිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බවත්, මේ නිසා පාසල් නිවාඩුවට පෙර නිලඇඳුම් රෙදි ලබාදීමට නොහැකි වූ බවත් සභාපතිවරයා කියා සිටියා.

මේ පිළිබඳ සඳහන් කරමින් තම සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදුන් බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post