News Line| Off Air| Games
Generic placeholder image

Feb
18

බිලියන ගණන් පාඩු ලබමින් ලංවීම තවත් පාඩු ලබන තීන්දුවක් ගන්න සැරසෙයි

921 Views


බිලියන ගණන් පාඩු ලබමින් ලංවීම තවත් පාඩු ලබන තීන්දුවක් ගන්න සැරසෙයි

හදිසි අවශ්‍යතාවයක් බව කියමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික බලාගාර වලින් විදුලි මෙගා වොට් 100ක විදුලි ධාරිතාවක් මීලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වෙනවා. මෙම ක්‍රියාව පනත් ප්‍රතිපත්ති වලටත් නියමිත අනුමත ක්‍රම වලට පටහැනි වන අතර මෙයට මූලික හේතුව ඔවුන්ගේ පුද්ගලික උවමනා එපාකම් සහ පුද්ගලික බලාගාර සිදුකරගෙන යන ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ට ආදායම් මාර්ග සකසා දීම බවයි සඳහන් වන්නේ.

සූර්ය බල, සුළං වැනි විදුලි ජනන ක්‍රියාවලි කෙරෙහි අවධානය යොමු නොකරමින් මෙලෙස පුද්ගලික බලාගාර තුලින් විදුලි ඒකකයක් රුපියල් 30 ක් 31 අතර මුදලකට ලබා ගැනීමට යාම තුලින් මහජනතාවට සහ විදුලිබල මණ්ඩලයට සිදුවන්නේ අධික පාඩුවක්.

එසේම 2016 වසරේ සිට අනුමතකල අඩු වියදම් බලාගාර ප්‍රමාදකර ඇති අතර ඒ තුලින් ලංවීමට වාර්ශිකව සිදුවන පාඩුව රුලියල් බිලියන 25 ටත් වඩා වැඩි බවයි සඳහන් වන්නේ. ඒ අනුව අනුමත අඩු වියදම් බලාගාර ඉදිකිරීම 2015 වසරේ සිට පැහැර හැර ඇති බවත් ඒ වෙනුවට අධික වියදමක් දරා පුද්ගලික අංශයේ ඩීසල් බලාගාර වලින් හදසි අවශයතා මතයැයි කියමින් පනතට පටහැනිව විදුලිය මිලදී ගැනීම් සිදුකර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.

අඩු වියදම් බලාගාර ප්‍රමාද කිරීම නිසා මසකට රුපියල් මිලියන 3.5 අලාභයක් සිදුවන අතර වසරකට රුපියල් බිලියන 50ක දැවැන්ත පාඩුවක් සිදුවෙනවා.

මේ වන විට ලංවිම විසින් ඉදිකල යුතු මෙගාවොට් 320ක ඩීසල් බලාගාර ඉදිකිරීමට වසර 3ක් තිස්සේ ප්‍රමාද කර ඇති බවත්, ඒවෙනුවට පුද්ගලික අංශයට අයත් බලාගාර වලින් රුපියල් 32ක් වැනි අධික මිලකට විදුලිය මිලදී ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

මීට අමතරව මේ වසරේ ඉදිකර ජනන කටයුතු ආරම්භ කල යුතුව තිබු මෙගාවොට් 300ක එල් එන් ජී බලාගාරය ප්‍රමාද වීම නිසා වසරකට රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවන බවට ඇස්තමේන්තු කර ඇති අතර ඉදිකළ යුතුව තිබූ මෙගා වොට් 30 ක සූර්ය බලාගාරය ප්‍රමාද වීම හේතුවෙන් වසරකට රුපියල් බිලියන 05 ක පාඩුවක් සිදුවන බවද සඳහන්.

එසේම මෙගා වොට් 270 ක සුළං බලාගාරය ඉදිකිරීමද ප්‍රමාද වී තිබීම තුලින් වසරකට සිදුවන පාඩුව රුපියල් බිලියන 9 ක් වන අතර මේ සියල්ල එක්කළ විට වසරක පාඩුව රුපියල් බිලියන 50 කි.

2014 න් පසු කිසිඳු අඩු මිළට විදුලිය සැපයිය හැකි මහා පරිමාන බලාගාර එකක් හෝ මෙරට ඉදිකර නොමැති අතර 2015 අග බාගයේ සිටම විදුලිය මිලදී ගැනීම සඳහා විදුලි බල අමාත්‍යාංශය අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. විදුලිබල පනතේ කිසිඳු තැනක සඳහන් නැති මෙම ක්‍රමය අතුරු විදුලි මිලදී ගැනීම යනුවෙන් අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා.

2015 සිටම විදුලි හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් මේ අතුරු ක්‍රමය හරහා විදුලිය මිලදී ගැනීමේ වංචාවට නිත්‍යානුකුලභාවය ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය උත්සාහ දරා තිබෙනවා.

2017 වසරේදී හදිසි අවශ්‍යතාවය මත විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය වැයකර ඇති අතිරේක මුදල රුපියල් මිලියන 38000 ක් වන බවත් ඒ අනුව සමාගම් 03 කට අයත් මෙගා වොට් 180 ක ධාරිතාවයක් එම වසරේදී මිලට ගෙනන ඇති බවත් සඳහන්.

2016 වසරේදී ආරම්භ කළ මෙම අතුරු හා හදිසි මිලදී ගැනීම් මේ වන විට සමාන්යන මිලදී ගැනීම් බවට පරිවර්ථනය කර ගැනීම සඳහා විදුලි බල අමාත්‍යාංශය කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

2018 වසරේදී මෙගාවොට් 170 ක විදුලිය හදිසි ක්‍රමය මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබූ අතර ඒ තුලින් රුපියල් බිලියන 80 කට ආසන්න පාඩුවක් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් විසින් සකස්කර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ජනතාවට අඩු වියදමකින් විදුලිය සැපයිය හැකි බලාගාර වලින් සමන්විත දිගුකාලීන ජනන සැළැස්ම හමස් පෙට්ටියට දමා විදුලි බල අමාත්යංසශය විසින් වසරින් වසරට හදිසි විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ මෙරට විදුලිබල ජනන සැළැස්ම පාලනය කරන බව තතු දන්නෝ පවසන අතර මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික පාඩුව රුපියල් බිලියන 50 ක් බව වාර්තා වී තිබෙනවා.

එම මුදලින් වැඩිම කොටසක් හදිසි මිලදී ගැනීම් සඳහා වැයවී ඇති බවයි සඳහන් වන්නේ.

සුළං හා සූර්ය බලාගාර වලින් විදුලිය ඒකකයක් රුපියල් 10 ත් 12 ත් අතර මිලකට ලංවීමට මිලදී ගැනීමට හැකියාව තිබියදී එවැනි බලාගාර ඉදිකිරීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කර තිබෙන්නේ පසුගිය වසර 05 තුල ලංවීමට මෙගා වොට් 100 ක හෝ බලාගාරයක් ඉදි නොකරමින්.

එසේම මේ වන විට නැවතත් පුද්ගලික අංශයෙන් මෙගා වොට් 100 ක හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නානම් යෝජිත වංචාවට කැබිනට් මණ්ඩලයද වගකිව යුතුය. මෙම මිලදී ගැනීම සිදුකළහොත් මේ වර්ෂය තුලදී ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව තවත් රුපියල් බිලියන 07 කින් පමණ වැඩිවන බව සඳහන්. ඒ අනුව අවසානයේ එම බරද මෙරට විදුලි පාරිභෝගිකයා වෙත පැනවෙනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post