News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

මෛත්‍රීට අපේක්ෂකත්වය දෙනවට වෙල්ගමගේ විරෝධය

964 Views


මෛත්‍රීට අපේක්ෂකත්වය දෙනවට වෙල්ගමගේ විරෝධය

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියා. හෙතෙම මේ බව පවසා සිටියේ, බදුල්ල ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

“විපක්‍ෂයේ සිටීම අපට ගැටලුවක් නොවෙයි. විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරදිවලට විරුද්ධ වෙමින් අපි ඉදිරියට යනවා. ඒත් අද රට විනාශයට යමින් තිබෙනවා. මෙම විනාශය සිදුවී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව හැදූ ආණ්ඩුව හේතුවෙන්.

එපමණක් නොවෙයි, මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වැරැදි ලෙස පාවිච්චි කරලා සුප්‍රිම්කෝට් නඩුකාරයන් හත්දෙනෙකු දුන් තීන්දුවත් නොසලකා කටයුතු කළා. මේ වගේ තීන්දු ගන්නා අයෙකුට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාටත් අපි විරුද්ධයි. බදුල්ලේ ඉන්න මේ මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ දීගයට කපුකම් කරපු මහත්තයා, එහෙම තමයි මහින්ද මහත්තයා නැති කළේ. ඒ අය තමයි එක එක දේ කියලා, ලණු දීලා මහින්ද මහත්තයාට මේ අපරාධය කළේ. මම ඒ අයගේ නම් කියන්නේ නෑ. රටේ ජනතාව ඒ අයගේ නම් දන්නවා.”


News Articles
Latest Videos
Most Popular Post