News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

කළුතර වෛද්‍යවරු වර්ජනය අවසන් කරයි

679 Views


කළුතර වෛද්‍යවරු වර්ජනය අවසන් කරයි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් පෙත්සමක් අත්සන් කිරීම ඊයේ(24) පෙරවරුවේ නාගොඩ රෝහලේ දී සිදුකෙරුණු අතර ඊට බාහිරින් පැමිණි පුද්ගලයින් පිරිසක් බාධා එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වි තිබෙනවා. එම අවස්ථාවේ ආරක්ෂක අංශ ක්‍රියාකල ආකාරය සම්බන්ධයෙන් ද චෝදනා කරමින් ඊයේ දහවල් 12.00 සිට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව අද උදැසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවුණහොත් වැඩ වර්ජනය අත්හරින බවයි.
එම නිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස් වී ගනු ලැබු තීරණයකට අනුව වැඩ වර්ජනය අවසන් කිරිමට පියවර ගෙන තිබෙන බවයි එම කමිටුව වැඩි දුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post