News Line| Off Air| Games
Generic placeholder image

Jan
18

වාහනවලට ආරක්ෂිත චිපයක් සහිත ස්ථිකරයක්

571 Views


වාහනවලට ආරක්ෂිත චිපයක් සහිත ස්ථිකරයක්

රථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.අදාළ චිපය තුළට රථවාහනයේ, යතුරුපැදියේ හෝ ට්‍රැක්ටරයේ අංකය ඇතුළු දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

රථවාහන අක්‍රමිකතා වළක්වාගැනීමටත්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සහ වාහන නවතා තබන ස්ථානවලදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදුකරන ගෙවීම් පහසුකරගැනීම සඳහාත් මෙලෙස නව තාක්ෂණය සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අදාළ චිපය සහිත ස්ටිකරය රථවාහනවල ඉදිරිපස වීදුරුවේත්, යතුරුපැදිවල හා ට්‍රැක්ටර් රථවල ඉදිරිපස ප්‍රධාන විදුලි ලාම්පුවේත් සවිකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

විදුලි ලාම්පුවේ පවතින උෂ්ණත්වයට ගැළපෙන ලෙස හා විදුලි ධාරාවට හානි නොවන ආකාරයට මෙම ස්ටිකරය සකස් කර තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මුලින්ම මෙම ක්‍රමය අලුතින් ලියාපදිංචි වන සියලුම වාහනවලට හඳුන්වාදීමට නියමිත අතර, ඉන්පසුව දැනට භාවිත කරන වාහනවලට හඳුන්වාදීමට නියමිතය.මෙම චිපයේ ඇති දත්ත හඳුනාගැනීම සඳහා පොලීසියට උපකරණ ලබාදීමටද සැලසුම් කර තිබේ.මෙම ස්ටිකරය සවිකර තිබෙන වාහනවල, යතුරුපැදිවල සහ ට්‍රැක්ටර් රථවල අංක තහඩු වෙනස් කර තිබේද යන්න පවා සොයාගැනීමට හැකියාව තිබෙන අතර, ස්ටිකරය ගැලවුවහොත් යළි එය නැවත ඇලවීමට නොහැකි ආකාරයට සකස් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post