News Line| Off Air| Games
Generic placeholder image

Feb
15

උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

1547 Views


උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ රාත්‍රියේ නියෝග කළා.

පැවති නිදහස් සන්ධාන රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේ ගණුදෙනුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post