News Line| Off Air
Generic placeholder image

Aug
26

විදේශ ගතවෙන්න ලග්න දෙකකට අවස්තාව. මෙන්න වැඩි විස්තර.

1574 Views


විදේශ ගතවෙන්න ලග්න දෙකකට අවස්තාව. මෙන්න වැඩි විස්තර.

අද 2017අගෝස්තු මාසයේ 26සෙනසුරාදා

රාහු කාලය පෙ.ව 09.08 සිට10.40

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

 

 

මේෂ ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගන්න උත්සහ දරනවා. ඔබට අද විශේෂිත වූ අමුත්තෙකු නිසා ඔබට සහයක් ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් පිලිබදව වැඩි ඇල්මක් කැපවීමක් කරන්න ඉඩ තිබෙනවා. ව්‍යාපාරික අංශයේ දියුණුවක් ලබා ගැනීමටත් හැකි වෙනවා. අධ්‍යාපනය ලබන කෙනෙක් නම් විශේෂිත වූ දියුණුවක් අද දිනය තුලදී ලැබිය හැකියි. විදේශගත වන්නන්ට අද සාර්ථක දිනයක්. මංගල යෝජනා ස්ථිර වන නිසාම සුභයි.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 02

වෘෂභ ලග්නය

වෙනදට වඩා උද්යෝගයෙන් උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති වෙනවා. ඒ වගේම අධ්‍යාපනය පිලිබදව ඔබට යහපත් අත්දැකීම් ලැබිය හැකියි. අලුත් අධ්‍යාපනයක් පටන් ගැනීම හෝ නව අධ්‍යාපනයකට යොමු වීමට ඉඩ තිබෙනවා. මිල මුදල් සම්බන්ධයෙන් තරමක් ගැටලුකාරී ගතියක් මතු වුවත් කෙසේ හෝ අවශ්‍ය විට අවශ්‍ය දේ කර ගැනීමට උත්සහ දරනවා. මංගල්‍යමය ගමන් බිමන් ඇතත් ඒවා තරමක් පසුවට කල් දැමීමත් විනෝදය සදහා ගමන් බිමන් යෑම වෙනසක් කිරීමටත් අද ඔබ සිතා සිටිනවා නම් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නතර කරන්න. බොහෝ විට ගෙදරට අමුත්තන් පැමිණෙන දිනයක්.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 02

මිථුන ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගමන් කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. අලුත් අලුත් අය මුණ ගැසේවි. හිතවතුන් අතර ඔබගේ හොද හිත පැතිරේවි.ආගම දහම පිළිබද වැඩි කැපවීමක් හෝ ආගමික සිද්ධස්ථාන වලට යාම විශේෂිත වූ ආගමික වැඩ සටහන් වලට යොමු වීමට අද ඔබට හැකියාවක් තියෙනවා. එයින් ඔබට යහපතක් හෝ සෙතක් මිස අවැඩක් සිදු වන්නේ නැහැ. ඒ වගේම දරුවෙකු වෙනුවෙන් කැපකිරීමක් හෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර මිල මුදලක් වැය කිරීමට අද ඔබට සිදු වේවි. අලංකාරය පිණිස යම් යම් දේ මිලදී ගැනීම අලංකාරය උදෙසා කරන කටයුතු වලට දායක වීමට ඔබට හැකියාවක් පවතිනවා. විශේෂයෙන් දැහැමි වැඩපිළිවෙලකට ඉඩ සැකසෙන දිනයක්.

ජය වර්ණය කොළ පැහැය                       ජය අංකය 04

කටක ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බව නිසා ඔබ කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉක්මන් කිපිම් නුරුස්සන ගති ඇති වේවි.ක්ෂණික තීරණ නිසා පාඩු හානි වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට අලංකාරය නිසා ඔබට අලංකාරයෙන්ම කටයුතු කිරීමට සිදුවන දිනයක්. යම් යම් දේ මිලට ගැනීමක් අලුත් අදහස් ඇතිව ක්‍රියාත්මක වීම මගින් යම් යම් දේ අතපසු නොකොට කිරීමට උත්සහ දරන්න. මිල මුදල් සම්බන්ධයෙන් සාර්ථක ප්‍රථිපල අත් කර දෙන අතර ගෙයක් දොරක් සෑදීමක් පිලිබදව සිත මෙහෙය වනවා. ඒ වගේම එයින් වාසිදායක තත්වයක්ද ඇති වෙනවා. ණය මුදලක් ලබා ගැනීමට ඔබට හැකියාවක් පවතින දිනයක්. බොහෝ විට බාහිර අයගේ ගනුදෙනු නිසා බොහෝ විට සිත් තැවුල් මතු වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 03

සිංහ ලග්නය

 

බුද්ධිමය වික්‍රමයන් තුලින් ඔබට දවස ශක්තිමත් වෙනවා. ඒ වගේම කියන දේ මුණටම කියන නිසා ඔබට සතුරන් ඇති විය හැකියි. එබැවින් කල්පනාකාරී වන්න.ඔබගේ බලය පෙන්වීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඥාතීන් සහෝදර සහෝදරියන් හිතවතියන් නිසා කැපවීම් ඇති දිනයක්. අනුන්ගේ ප්‍රශ්න ඔබ මතට ගැනීමට ඉඩ තිබෙන නිසා ඒවයින් බැහැර වන්න. කරදර ලගට පැමිණෙන දිනයක්. අමුත්තන් හිතවතුන් සමග කෙළිදෙලෙන් ගත කිරීම හෝ විදේශ ගමන් වලට ඉඩ තිබෙන දිනයක්.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 05

කන්‍යා ලග්නය

අද ඔබට හදිසි ධන ලාභ ලැබීම අතින් යහපත් වෙනවා. මිල මුදල් ලැබීම නිසා සතුටින් කාලය ගත කිරීමට හැකියාව ලැබෙනවා. නව අදහස් ක්‍රියාත්මක වේවි.බොහෝ උසස් අය ප්‍රභූන් ඇසුරු කිරීමට පෙළඹේවි. ඔවුන්ගෙන් යම් යම් අදහස් ගැනීමටද හැකියාව ලැබෙනවා. පාලක පක්ෂයේ අයගෙන් උදව් ලැබීම නිසාම ඔබට තමන්ගේ නම ප්‍රචලිත කර ගැනීමේ හැකියාව ලැබෙනවා. කලා කටයුතු වලින් ලැබීම ඇති කරනවා.

ජය වර්ණය කොළපැහැය                         ජය අංකය 03

තුලා ලග්නය

බොහෝ විට සාමකාමී වාතාවරණයකට කැමති ඔබ නිදහස භුක්ති විදීමට හැකියාවක් තියෙනවා. ආගමික පරිසරයක් තුලට යොමු වීම එවැනි දේට දායකත්වයක් ලබා ඒ වගේම වරින් වර කෙටි ගමන් බිමන්ද යෙදෙනවා. අනවශ්‍ය කෙනෙක්ගේ ඇසුරක් නිසා ඔබගේ තත්වය බාල වීමක් චිත්ත පිඩාත් ඇති විය හැකියි. ඔබගේ නම නම්බුව නැති කිරීමට ඇති අය ගැන සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 02

වෘශ්චික ලග්නය

ඔබට තරමක් දුරට මන්දගාමී ස්වභාවයක් ඇති වෙනවා. ලැබීම අතින් අයහපත් කිරීමට ඉඩ තිබෙනවා. එබැවින් ගන්නා වූ තීන්දු තීරණ ගැන කල්පනාකාරී වන්න. නමුත් ඔබට ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට සෑහෙන්න වගකීමක් දරන්න පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම දුර බැහැර ගමන් හෝ ගෙදරින් පිටවී කරන කටයුතු සාර්ථක වේවි. විශේෂයෙන් හිතවතුන් හිතවතියන් එකමුතු කරගෙන ගමන් බිමන් යාමට සිතා සිටියේ නම් ඒවා සාර්ථක වෙනවා. නමුත් ජලයෙන් හෝ ජලය පාවිච්චියෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය රතුපැහැය                 ජය අංකය 06

ධනු ලග්නය

විශේෂයෙන් නැති වූ යමක් ලබා ගැනීමට හෝ හම්බ වීමට ඉඩ තිබෙන නිසා ඒ වගේම අතමිට මුදල් ගැවසිම් ව්‍යාපාරික අංශයේ දියුණුවක් ඇති වෙනවා. කලක් කරගෙන ආ ව්‍යාපාරයක් හෝ රැකියාවේ උසස් වීමකට හෝ උසස් අයෙකුගේ උපකාර හිමි වෙනවා. නමුත් ඔබ අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන් හෝ එවැනි අයගෙන් උදව් උපකාර ගැනීමෙන් ප්‍රවේසම් විය යුතුයි. ඔබ ගන්නා වූ උපකාරයට වඩා ඔවුන්ගේ උපකාරය දැඩිව ඔබට බලපායි. එබැවින් කල්පනාකාරීව හිතවතුන් හිතවතියන් ඇසුරු කරන්න. හවස් යාමයේ චිත්ත පිඩා ගෙන දේවි. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් විය යුතුයි. තමන්ට පාද රෝග හෝ හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා.

ජය වර්ණය නිල් පැහැය               ජය අංකය 05

මකර ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු තරමක් වෙනස් මගකට යොමු කරනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු කරන අයට යහපත් ප්‍රථිපල අත් වෙනවා. පුන්‍යකාමි සිතුවිලි ඇති පිනට දහමට යොමු වන අතර ඔබට විශේෂිත වූ පින්කම් මාලාවකට සහභාගී වීමට ඉඩ තිබෙන දිනයක්. එයින් තෘප්තිමත් ගතියක් ඇති වෙනවා. අහිංසක අසරණ වූ අයට උදව් උපකාර කිරීමක් නිසා ඔබගේ නම ප්‍රචලිත වෙනවා. ඒ වගේම නිදහස් හා විනෝදය පිණිසද කටයුතු සලසා ගන්නවා.

ජය වර්ණය තද නිල් පැහැය                     ජය අංකය 09

කුම්භ ලග්නය

පිනට දහමට සිතුවිලි උපදින අතර දුර බැහැර ගමන් බිමන් හෝ විදේශ ගමනකට ලක ලැහැස්ති වීමට ඉඩ තිබෙන දිනයක්. ඒ වගේම එක තැනකට වී කරන වැඩ කටයුතු බාධා වෙමින් ඇවිදීමට සිදු වෙනවා. නිදහස අඩු වෙනවා. පොත පත කෙරේ වැඩිපුර රුචිකමක් ඇති වෙන අතර එයින් ඔබට ප්‍රශ්ණ ගැටළු විසදා ගෙන අධ්‍යාපනය කර ගත හැකියි. ඥාතීන් අතර සතුරන් මිතුරු වෙසින් ඔබ වෙතට පැමිණේවි.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 09

මීන

ඔබගේ පවුලට අලුත් කෙනෙක් මුණ ගැසීමක් හෝ අමුත්තෙක් පැමිණීමට ඉඩ තිබෙනවා. එයින් ඔබට තිබෙන වැඩ කටයුතු ලේසියෙන් ඉටු කර ගැනීමටත් උපකාර ලැබීමටත් ඉඩ තිබෙනවා. නව අදහස් ක්‍රියාත්මක වෙමින් ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා. ගේ දොර අලංකාරය කිරීම බඩු මුට්ටු සැකසීම අද ඔබට සිත දේවි. එයින් ඔබට තෘප්තිමත් දවසක් බවට පත් කර ගන්න තියෙනවා. ඒ වගේම ආගමික ස්ථාන වලට යාම ආගමික ප්‍රභූන් ඇසුරු කිරීමටත් අද දිනය තුලදී හවස් යාමය ඉඩ තිබෙනවා. ආගමික වටපිටවකින් සාර්ථක ප්‍රථිපල නෙලා ගත හැකියි.

ජය වර්ණය කොළපැහැය             ජය අංකය 05

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය : 0112509386


News Articles
Latest Videos
Most Popular Post