මේ දෙසැම්බර් මාසේ නිසා ගොඩක් අයට නිවාඩු තියෙන මාසයක්. විශේෂයෙන්ම ලංකාවට වැඩිය පිටරට වල නම් මේ දෙසැම්බර් නිවාඩුව ලොකුවටම ලැබෙනවා. ඒ වගේම මේ අවුරද්ද ඉවරවෙන්න තියෙන්නෙත් තව දවස් 2ක් වගේ පොඩි කාලයක්. ඉතින් 2018 ලබද්දී සුපිරි බොලිවුඩ් තරු මොනවද කරන්නේ කියලා අපි හොයලා බැලුවා.
ආරංචි වුන විදිහට 2018 අවුරුද්ද සුපිරි නළු රන්බීර් කපුර්ට වැඩ වැඩිම අවුරුද්දක්. ඉතින් අවුරුද්ද පටන් ගද්දිම Film එකක Shooting වෙනුවෙන් රන්බීර් ඊශ්‍රායලයට ගිහින්.
එතකොට 2018 අවුරුද්ද පටන් ගද්දි පෙම්වතුන් වෙන ආලියා සහ සිද්ධාර්ත් ඉන්නේ තැන් දෙකක. මොකද පුද්ගලික වැඩකට ආලියා ඉන්දුනීසියාවට ගිහින්. හැබැයි ඉන්දියාවට ආව ගමන් තමන්ගේ පෙම්වතා වෙන සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ යහළුවෝ එක්ක ලංකාවේ සංචාරෙකට එන්නයි ආලියා හිතාගෙන ඉන්නේ.
2017 අවසානයේ අවසානාවන්තම නිළිය සහ නළුවා වුනු රන්වීර් සහ දීපිකා මේ දවස් වල ඉන්නේ මාලදිවයිනේ. පද්මාවතී Film එකට නොහිතපු විදිහට ආව විරෝධතා වලින් හිත සැහැල්ලු කරගන්න තමයි දීපිකා සහ රන්බීර් 2018 මාලදිවයිනෙන් පටන් ගන්න හිතලා තියෙන්නේ.
හැබැයි බෝල්වුඩයේ සුපිරි කාන්ලා නම් 2018 අවුරුද්ද පටන් ගද්දි තමන්ගේ පවුලේ අයත් එක්ක කාලය ගත කරන්නයි Plan කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ශාරුක් කාන්, සලමාන් කාන්, අමීර් කාන් මේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ ගෙදරින්.