News Line| Off Air
Generic placeholder image

Jun
8

Google එකේ ගබ්සා ගැන හොයන එක වැඩි වෙලා. හේතුව මෙන්න.

1473 Views


Google එකේ ගබ්සා ගැන හොයන එක වැඩි වෙලා. හේතුව මෙන්න.

හැමෝම කැමති නොමැරී ජීවත් වෙන්න. වයසක පුද්ගලයාත්, අලුත ඉපදුන දරුවාත් වගේම ඉපදෙන්න ඉන්න දරුවාත් කැමති ජීවත් වෙන්න. හැබැයි අද වෙද්දී ලෝකයේ ගබ්සා කිරීම් වැඩි වෙලා තියෙනවා. ඉපදෙන්න ඉන්න දරුවාගේ අයිතිය කුසේදීම නැති කරලා දාන්න තරම් සමාජය දරුණු වෙලා.

පහුගිය අවුරුදු 10 ඇතුලේ ලෝකය පුරා Google එකේ ගබ්සා ගැන හොයන එක දෙගුණයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. BBC ය කල විශ්ලේෂණයකදී මේ ගැන හෙළි වෙලා තියෙනවා. විශේෂයෙන් ගබ්සා කිරීම් පිළිබඳ දැඩි නීති පවතින රටවල, ගබ්සා ඖෂධ සම්බන්ධයෙන් කරන Google Search කිරීම් වැඩි වෙලා තියෙනවා.

නීතිමය බාධාවන්ගෙන් මිදෙන්න ගබ්සා පෙති අන්තර්ජාලය ඔස්සේ මිලදී අරගෙන වෛද්‍ය උපදෙස් වට්ස්-ඇප් සමාජ මාධ්‍යය මගින් හුවමාරු කර ගන්න කාන්තාවන් පෙළඹිලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ ද දිනකට සිදුවන නීති විරෝධී ගබ්සා ප්‍රමාණය 650 ඉක්මවන බව 2016 වසරේදී හෙළිකර ගත්තා. ගබ්සාව සම්බන්ධයෙන් දැඩි නීති රීති පවතින රටවල, මවගේ ජීවිතයට තර්ජනයක්වන අවස්ථාවලදී හැර ගබ්සා කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ රටවල මයිසොප්‍රොස්ටොල් (Misoprostol) නම් ගබ්සා පෙති පිළිබඳ Google Search කිරීම් වැඩි වෙලා තියෙනවා.

ගල් දත්තවලට අනුව මෙම ඖෂධ දෙවර්ගය සෙවූ රටවල් අතර ඉහළින්ම සිටින්නේ ඝානාව සහ නයිජීරියාව. ගබ්සාව ගැන Google Search කිරීම් සහිත රටවල් 25 අතුරින් රටවල් 11 ක් අප්‍රිකානු රටවල්. 14 ක් ලතින් ඇමෙරිකානු රටවල්.

බීබීසී සේවය කළ විශ්ලේෂණයට අනුව සියළුම රටවලින් ගූගල් සෙවුමේ වැඩියෙන්ම භාවිත කරන ලද වචන වන්නේ “ගබ්සා පෙති” කියලා. “ගබ්සාවක් කරගන්නේ කෙසේද?” යන්න ලොව පුරා රටවලින් තුනෙන් දෙකකට වඩා අහලා තියෙනවා. ඊට අමතරව, “මයිසොප්‍රොස්ටොල් භාවිත කරන්නේ කෙසේද?”, “මයිසොප්‍රොස්ටොල් මිල”, “මයිසොප්‍රොස්ටොල් මිලදී ගැනීමට” සහ “මයිසොප්‍රොස්ටොල් මාත්‍රාව” ගැන හොයලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post