News Line| Off Air
Generic placeholder image

Aug
9

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි.

419 Views


දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 75 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ සබරගමුව මධ්‍යම පලාත්වලට සහ කලූතර දිස්ත‍්‍රික්කයට එලෙස තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලටත් සහ ගාල්ල මාතර දිස්ත‍්‍රික්ක වලටත් තද වැසි ඇති විය හැකි වනවා.

මේ අතර මධ්‍යම කඳුකර ප‍්‍රදේශවලත්, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් පැයට කිලෝමීටර 50 ක් පමණ වන තද සුළං ඇතිවිය හැකි යි.

දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලා.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post