හැටන් කලාප අධ්‍යාපන කාර්යයාල යටතේ පාලනය වන ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් හත් දෙනෙකු සහ එක් සිසුවෙකු හදිසියේ ඇති වු ස්වසන අපහසුතාවයක් සහ කැස්ස යන රෝග ලක්ෂණ නිසා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අද(05) ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.
අද උදැසන පාසල් පැවැත්වෙන අතුරතුර එක් සිසුවියකට හදිසියේ රෝගාතුර වු බවත්, ඉන් අනතුරුව සෙසු පාසල් සිසුවියන් සහ සිසුවා රෝගාතුර වු නිසා ඔවුන් සියළු දෙනා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ අචාර්යයවරයෙකු කියා සිටි අතර බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩි දුරටත් සදහන් කළා.
ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හදිසියේ රෝගාතුර විම සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාද පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.