ඉන්දීය රජය විසින් නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුම්බායි නගරයේ වනාන්තරයක් කපා දැමීමට විරෝධය පල කරමින් එරට වැසියන් එම ව්‍යාපෘතිය සදහා කපා දමන ගස් වැළදගෙන හඩා වැටෙන ජායා රූප ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙරද මෙම ව්‍යාපෘතිය සදහා මුම්බායි ජනතාව විරෝධය පළ කරමින් පෙත්සමක් ගොනු කර තිබුනද එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන් හා පොලිසිය අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් මෙම ගස් කැපීම තාවකාලිකව නතර කර තිබෙන බව වාර්තා වෙනවා.