News Line| Off Air
Generic placeholder image

Nov
1

අද රාත්‍රීයේත් ගිගුරුම් සහිත වැසි

635 Views


අද රාත්‍රීයේත් ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව, මන්නාරම, යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එසේම, ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර කෙටි කාලීන සුළං ද අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද ඔවුන් දැනුම්දෙනවා.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post