යොවුන් පරපුර ඩිජිටල් විප්ලවයක් හරහා නව තාක්ෂණය හා එක්කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.
බුලත්සිංහල නගරයේ ඊයේ පස්වරුවේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ බුලත්සිංහල නගරයේදී පැවැත්වුණා.