දිවයින පුරා සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, හා දකුණ යන පළාත් වලට තද වැසි සමග තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදු විය හැකි අකුණු අනතුරු අවම කර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.