ශ්‍රී ලංකවේ 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
විශේෂයෙන්ම පැවතෙන කොරෝනා වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් සදහා නව සෞඛ්‍ය රීති මාලාවක් පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව ඉන් පළමු එක නම් සෑම මන්ත්‍රීවරයෙක්ම මුහුණු ආවරණයක් පැළදිය යුතුය යන්නයි. එමෙන්ම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගමන් කිරීමේදී මීටරයක පරතරයකින්ද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ එක්රැස්වී සතුටු සාමිචියේ නිරත වීමද තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා.