News Line| Off Air
Generic placeholder image

Aug
17

කොරෝනා නිසා මිචෙල් ඔබාමාටත් මානසික ප්‍රශ්නයක් ?

673 Views


කොරෝනා නිසා මිචෙල් ඔබාමාටත් මානසික ප්‍රශ්නයක් ?

මේ වන විට ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ සිටින බොහෝ දෙනා කායිකව මෙන්ම මානසිකව ද සෞඛ්‍ය අතින් පිරිහීමට ලක්ව තිබෙනවා. මේ අතර මෙම තත්වය වැඩියෙන්ම තිබෙන රට වන අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමාගේ බිරිද වන මිචෙල් ඔබාමා ද යම් මානසික ගැටලුවක මේ වන විට ලක්ව තිබෙන බව එරටින් වාර්තා වෙනවා.

හිටපු ජනපති බිරිද වන මිචෙල් ඔබාමා අන්තරජාලය ඔස්සේ සිදු කරනු ලැබූ සාකච්ඡාවකට එක්වෙමින් කරුණු අනාවරණය කර ඇත්තේ තමන් ටික කලෙක සිට විෂාදය නම් මානසික රෝගී තත්වයෙන් පෙළෙන බවයි. තවමත් එම රෝගයේ තමන් මුලික අවධියේ පසුවන බවත් ඇය ප්‍රකාශ කර තිබුණා. එම රෝගයේ ලක්ෂණ ලෙස සිතේ සතුටක් නැති කම , උදාසීන ගතිය ,කල කිරීම , නින්ද නොයෑම ආදිය ඇයටද පවතින බවත් බොහෝ දුරට කොරෝනා හේතුවෙන් හුදෙකලාව විසීම මෙම තත්වයට හේතු විය හැකි බවද ඇය වැඩි දුරටත් සදහන් කළා.

සමස්තයක් වශයෙන් ගත් කල මෙම තත්වය හමුවේ ඇමෙරිකානුවන්ගේ මානසික තත්වය බොහෝ දුරට පහල බැස තිබෙන බව පැවසෙනවා. මේ අතර මිචෙල් ඔබාමාගේ සුව දුක් විමසීම සදහා ඇයට instragram පිටුව ඔස්සේ මිලියන 40 අකට අධික ජනතාවක් පියවර ගෙන තිබෙනවා..


News Articles
Latest Videos
Most Popular Post