සරුංගල් ආරක්ෂිතව පියාසර කරවීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. ඒ සරුංගල් විදුලි රැහැන් වල පැටලීම හේතුවෙන් සිදුවන විදුලිය බිද වැටීම් හා ජිවිත අනතුරු වලක්වාගැනීමේ අරමුණින්ය.
එම උපදෙස් පහත සදහන් වේ
• විදුලි රැහැන් හා විදුලි බලය සැපයීමට සවිකර ඇති උපකරණ නොමැති විවෘත ප්‍රදේශයක ඔබේ සරුංගල් පියාසර කරවන්න.
• ඔබේ සරුංගලය සුළඟට විදුලි රැහැනක් දෙසට ඇදී යන්නේ නම්, නොපැකිළ එය අතහැර දමන්න.
• ලෝහමය වයර් හෝ එවැනි කොටස් යොදා සාදන ලද සරුංගල් පියාසර කිරීමෙන් වළකින්න.
• වර්ෂාව පවතින විට සරුංගල් පියාසර කරවීමෙන් වළකින්න.
• තෙමුනු හෝ තෙත් භාවයක් සහිත සරුංගලයක් කිසි විටෙකත් පියාසර නොකරන්න.
• විදුලි රැහැන්වලට හසු වූ සරුංගලයක් හෝ කිසියම් වස්තුවක් ඉවත් කිරගැනීමට කිසි විටෙකත් උත්සාහ නොකරන්න.
• හදිසි අවස්ථාවකදී වහා 119 හෝ 1987 අමතා දැනුම් දෙන්න.