කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක ඊයේ රාත්‍රී හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, සාප්පු සංකීර්ණයේ භූගත මහලේ වෙළඳසැළක ගින්න ඇතිව තිබූ බවයි.
ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 5 ක් යොදා ගැනුණු අතර රාත්‍රී 11.00 ට පමණ හටගත් ගින්න අද අලුයම 1.30 පමණ වනවිට සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න ඇති වූ අවස්ථාවේ සාප්පු සංකීර්ණයේ රැඳී සිටි පාරිභෝගිකයින් සහ සේවකයින් කිහිපදෙනෙකු ආරක්ෂිතව මුදාගත් බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති නවයි වාර්තා වන්නේ.