දිවංගත අමාත්‍ය අරුමුග තොන්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් හි පිහිටි බංගලාවේ හදිස්ස්සියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම 02 කට පමණයි.
මෙම ගින්නෙන් එම බංගලාවේ කොටසක් සම්පුර්නයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය සදහන් කරනවා. ගින්න හටගන්නා අවස්ථාවේ බංගලාවේ මුරකරුවෙකු පමණක් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හැටන් දික්ඔය ගිනි නිවීමේ ඒකකය විසින් මේ වන විට ගින්න මැඩ පවත්වා තිබෙන අතර සිද්ධිය පිළිබද කොත්මලේ පොලීසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.