News Line| Off Air
Generic placeholder image

Aug
18

පිළිකා හඳුනාගන්න රුධිර පරීක්ෂාවක්

1245 Views


පිළිකා හඳුනාගන්න රුධිර පරීක්ෂාවක්

රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග 50කට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් පවසනවා.

මෙමගින් පිළිකා ගැටිති (tumors) ඉක්මනින් හඳුනාගැනීම තුළින් ඊට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බව මෙන්ම මෙම රුධිර පරීක්ෂාවෙන් පිළිකාවක් ඇති බවට තහවුරු වන ප්‍රතිඵල වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් නිරවද්‍ය බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ වන විට වෛද්‍යවරුන් විසින් මෙම ක්‍රමය රෝගීන් මත අත්හදා බලමින් සිටින නමුත් ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනය කළ යුතු බව විද්‍යාඥයන්ගේ අදහසයි.

පරීක්ෂණ දත්තයන් අනුව පෙනී යන්නේ මෙම රුධිර පරීක්ෂාව පිළිකාවක ආරම්භය සොයා ගැනීමට වඩා වෙනත් දුර්ලභ රෝග හඳුනාගැනීම සඳහා යහපත් වන බවය. එම නිසා මෙම ක්‍රමය භාවිතයට ගැනීම සීමා විය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post