News Line| Off Air
Generic placeholder image

Aug
18

ගිබ්‍රෝල්ටාර්ගේ ‘පිටුපසින් සිටින්න’ ගුහාව

1057 Views


ගිබ්‍රෝල්ටාර්ගේ ‘පිටුපසින් සිටින්න’ ගුහාව

වසර දහස් ගණනක ඉතිහාසයක් හෙළි කරන ගිබ්‍රෝල්ටාර් පර්වතය තුළ සැඟව ඇති ගුහාව ඔත්තුකරුවන් හට ඇතුළත සැඟවීමට රහසිගත සැලැස්මක් අනුව සකස් කරන ලද්දක් බව පැවසිය හැකිය.

ස්පාඤ්ඤයේ දකුණු කෙළවරේ පිහිටි මෙම කුඩා භූමිය වසර ගණනාවක් තිස්සේ දරුණු රාජ්‍ය තාන්ත්‍රික පොරබැදීමකට ලක්ව තිබෙනවා. ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය යැයි පැවසු මෙම ස්ථානය බ්‍රිතාන්‍යය විසින් පාලනය කරනු ලැබුවේ 1713 සිට ය.

ගිබ්‍රෝල්ටාර් ප්‍රොමොන්ටරි ය විටෙක භූමිය ආධිපත්‍යය දැරීම වෙනුවෙන් හර්කියුලිස් කුළුණු දෙකෙන් එකක් ලෙස සලකනු ලැබූ අතර පසුකාලීනව විශේෂයෙන් දෙවන ලෝක යුද්ධ සමයේ වටිනා මිලිටරි වත්කමක් බවට පත් වූ ස්ථානයක් වනවා.

අද වන විට මෙහි සිදුව ඇති පර්වතය තුළ සිදු කරන වැඩවලින් හෙළි වන්නේ යුද්ධයේ දී හමුදා මූලස්ථානයක් ලෙස එය නැවත ප්‍රතිනිර්මාණය කළ ආකාරය පිළිබඳ තොරතුරු ද ඇතුළුව වසර දහස් ගණනක ඉතිහාසය ය. ඇතුළත සැතපුම් ගණනාවක් උමං මාර්ගයක් ඇති අතර එය පිටතින් ඇති මාර්ග මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මෙහි මූලික වශයෙන් ඔත්තුකරුවන් ගුහාව තුළ සඟවා තැබීමේ රහසිගත සැලැස්මක් පිළිබඳ සාක්ෂි ද සොයාගෙන තිබෙන අතර වසරකට පුද්ගලයින් 30 දෙනෙකු පමණ පිරිසක් මෙම රහස් ස්ථානයට පැමිණිය හැකිය.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post