විධිමත් වැඩ පිළිවෙලක් යටතේ සියලු මෝටර් රථ නියාමනය සිඳු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා.
අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමත් සමඟ අමාත්‍යාංශයට අයත් කාර්යය භාරය ජනාධිපතිවරයා විසින් ලිඛිතව ලබා දී තිබෙන අතර නව රජය පත්වීමත් සමඟ එම රාජ්‍ය අමාත්‍යංශයේ පළමු කාර්යභාරය ලෙස මෝටර් රථ නියාමනය සඳහා පළමුව අවධානය යොමු කල යුතු බව සඳහන්.